Powered by Blogger.

ශාන්ත ගේබි‍්‍රයල් බාලිකාවෙන් පැන ගිය සිසුවියන් හමුවෙයි (6 missing schoolgirls traced)

Monday, July 9, 2012

හැටන් - ශාන්ත ගේබි‍්‍රයල් බාලිකා විද්‍යාලයේ නේවාසිකාගාරයෙන් පළා ගොස් සිටි සිසුවියන් 6 දෙනා පිළිබද තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී අජිත් රෝහණ  සඳහන් කරයි.

එක් සිසුවියක් අම්පාර ප‍්‍රදේශයේ තම නිවසට ගොස් ඇති අතර, අනෙක් 5 දෙනා මින්නේරිය ප‍්‍රදේශයේ තම මිතුරියකගේ නිවසක රැදී සිටින බව දෙමාපියන් වෙත දුරකථනයෙන් දැනුම් දී  ඇත.

මොවුන් අද (10) අදාළ නේවාසිකාගාරයට භාරදෙන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියා සිටියේය.

මොවුන් අතර, 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු, 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දෙදෙනෙකු සහ 9 සහ 7 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු ද වන අතර, එම  ශිෂ්‍යාවන්  අවුරුදු 13, 15, 16 සහ 19 වයස්‌ සීමාවල පසුවන අය සිටින බව පොලිසිය පවසයි.

අතුරුදන්ව ඇති ශිෂ්‍යාවෝ නුවරඑළිය, දෙහිවල, ගිනිගත්හේන, වැල්ලම්පිටිය, චීන වරාය සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති. මෙම ශිෂ්‍යාවන්ගේ දෙමව්පියෝ ඊයේ දහවල් වන විට හැටන් පොලිසිය වෙත පැමිණ සිටියහ.

මෙම නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් 50 දෙනකු නේවාසිකව සිටින අතර පෙරේදා රාත්‍රි 10.30 ට මොවුන් සියලු දෙනා නේවාසිකාගාරයේ සිට ඇත.

නේවාසිකාගාර පාලිකාව ඊයේ (9 දා) උදෑසන නේවාසිකාගාරය පරීක්‍ෂා කරද්දී මෙම ශිෂ්‍යාවන් අතුරුදන්ව ඇති බව සැලවිය. ඒ අනුව මේ පිළිබඳව කන්‍යාරාමයේ පාලකයන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙසේ අතුරුදන් වූ ශිෂ්‍යාවන් ලිපි හයක්‌ ලියා තබා ගොස්‌ ඇති බවත් එම ලිපි සියල්ල පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන ඇති බවත් කන්‍යාරාමයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි. මෙම කන්‍යාරාමයට දැඩි ආරක්‍ෂාවක්‌ ලබා දී තිබෙද්දී මේ ආකාරයට ශිෂ්‍යාවන් පැනගියේ කෙසේද යන්න විශාල ගැටලුවක්‌ බව පොලිසිය පවසයි.

හැටන් පොලිස්‌ අධිකාරි රවී චන්ද්‍රසිංහ මහතාගේ උපදෙස්‌ මත මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ටී. චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

We Will Start Our English Edition Soon LkHot News

The four schoolgirls who had fled their school hostel in Hatton have been traced, said police spokesman Ajith Rohana.

One girl had gone to her Ampara home, while the others are at the home of a friend in Minneriya.

Aged between 13 and 12 years, the girls had left separate notes before fleeing the St. Gabriel Girls’ School hostel between the night of June 08 and the following morning.

They are due to be returned to the hostel later today.

Their parents, from Nuwara Eliya, Dehiwala, Ginigathhena, Wellampitiya, China Bay and Ampara, reported to Hatton Police yesterday.

Police are confused over as to how the six girls had managed to flee their hostel, which has been well protected.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.