Powered by Blogger.

ඩයලොග් TV හා පියෝ TV HD තාක්ෂණයට සැරසෙයි (Dialog TV and Peo TV With New Technology

Wednesday, June 20, 2012

ඩයලොග් TV ආයතනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ TV HD විකාශන කටයුතු කිරීම සඳහා තාක්ෂණික කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව අයි. පි ටි.වී තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන පියෝ ටි.වී ඉදිරියේදී UTStarcom සමග එක්ව HD තාක්ෂණය ඔස්සේ විකාශය කල හැකි සෙටප් බොක්ස් හදුන්වා දීමට නියමිතයි.

ඩයලොග් ටි.වී විසින් HD රුපවාහිනී නාලිකා කිහිපයක් ලබා දීම පරීක්ෂණ මට්ටමින් මේවනවිට ආරම්භ කර ඇති අතර ඔවුන් HD නාලිකා සඳහා වෙනමම පැකේජයක් හදුන්වා දීමට නියමිතයි.

මේ වන විට අප වෙත වාර්තා වන්නේ පහත ඇති HD නාලිකා රුපියල් 990 ක මාසික ගාස්තු යටතේ ලබාදීමට නියමිත බවකි. (බදු සමඟ රු. 1,200/-ක් පමණ). මෙම HD නාලිකා හතරම Full HD නාලිකා වේ.

  • Star Movies HD
  • AXN HD
  • Ten HD
  • Nat Geo HD 
එම නාලිකා සමග නොමිලේ ලැබෙන සාමාන්‍ය නාලිකා
  • Fashion TV
  • History Channel TV18
  • Ten Action
  • BBC Entertainment
තවද දැනට ඩයලොග් ටි.වී පරිශීලකයන්ට මෙම පහසුකම ලබාගැනීමට රුපියල් 2990 ක් ගෙවා HD රිසිවරයක් ඩයලොග් වෙතින් ලබාගත යුතුය.

මෙතෙක් කලක් ලංකාවේ පුද්ගලයන් HD නාලිකා ලබාගත්තේ ඉන්දියාවේ Dish TV රිසීවර් මෙරටට ගෙන ඒමෙනි. ඒ අනුව රු. 1300/-ක් වැනි මුදලකට (ඉන්දියන් රු. 550කට) HD නාලිකා 40 ක් (හා සාමාන්‍ය නාලිකා 235ක් පමණ) ලබාගැනීමට හැකි විය. එම HD නාලිකා 40 අතුරින්ද Full HD නාලිකා ඇත්තේ 12ක් පමණි. අනෙක් නාලිකා 28 Upscale HD නාලිකාය.

දල වශයෙන් HD නාලිකා විකාශනය කරන රටවල් අතුරින් ඕස්ට්‍රේලියාවේ HD නාලිකා 15ක්, UAE වල 36ක්, ඉන්දියාවේ 40ක්, බ්‍රිතාන්‍යයේ 76ක් හා ඇමරිකාවේ 210ක් ඇත.

Hiru TV නාලිකාව HD Ready ලෙස විකාශණය කරන බවට ඔවුන් ප්‍රචාරය කළද මෙතෙක් කලක් විකාශනය කලේ ඇනලොග් තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය චැනලයක් ලෙසය. මෙතෙක් කලක් HD විකාශණ තාක්ෂණය ලංකාවේ නොතිබූ නිසා එය හුදෙක් ප්‍රචාරය පිණිස HD ලෙස ඔවුන් යොදාගන්නා ලදි.

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.