ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ ප්රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ
දුම් වැටියකින් පිච්චූ තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිරාඳුරුකෝට්ටේ පොලිසිය
විශේෂ මෙහෙයුමක් ආරම්බ කර තිබේ.
කුඩා දැරියගේ නැන්දනිය පිළිස්සුම් තුවාල දැක ඒ පිළිබඳ ගිරාඳුරුකෝට්ටේ
පොලිසියට පැමිණිලි කර ඇති අතර, සැකකාර තරුණයා වයස 16 ක අයෙක් වන බවත්,
ඔහු ප්රදේශයෙන් අතුරුදන්වී ඇති බවත් පොලිසිය පවසයි.
පිළිස්සුම් තුවාල 8 ක් සහිත කුඩා දැරිය ගිරාඳුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කර තිබේ.
කුඩා දැරියගේ මව, දැරිය සමඟ අසල්වාසී නිවාසයකට නිදාගැනීමට ගොස් සිටි අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment