Powered by Blogger.

සැබෑ ජිවිතේ නම් පබෝධා ඔය තරම් කොටට අදින්නේ නැහැ - සිදත් (Praboda sandeepani and Sidath wedding and Talk about Super Six film)

Sunday, June 10, 2012

ප්‍රවීන ටෙලි නාට්‍යය නිළියක වූ ගීතා කාන්තිගේ දියණිය වූ පබෝධා සන්දීපනී පසුගියදා ගරාජ් හිමිකරුවකු වූ සිදත් හරින්ද්‍ර සමගයි.විවාහයෙන් පසුව පබෝධාගේ බිඳී ගිය පෙම (හිරු එෆ්.එම් හි DJ අරා) පිළිබඳවත් සුපර් සික්ස් චිත්‍රපටයේ රඟපෑම පිළිබඳවත් මෙසේ අදහස් දක්වා තිබුනා.

සිදත්ට පබෝධාව හම්බ උනේ කොහමද?
ටෙලි නාට්‍යයක රුගත කිරීමක් බලන්න ගිහින් මුලින්ම පබෝධව දැක්කේ.

දැක්ක ගමන් ආදරයක් ඇති උනාද?
අපෝ නෑ මුලින්ම ඇති උනේ හිතවත් කමක්.ඒ හිතවත්කම පබෝධා මගේ හොඳම යෙහෙළියත්, මම පබෝධාගේ හොදම යාලුවත් වෙන තරමට දුර දිග ගියා.

එතකොට ඒ යාලුකමද පෙමකට හැරවුණේ?
ඔව් යාලු කමත් එක්ක පබෝධා මොන වගේ කෙන්ක්ද කියන එක මම තේරුම් ගත්ත.මන් හිතන්නේ පබෝධටත් එහෙමයි.ඊට පස්සේ කාලයත් එක්ක අපි පෙම්වතුන් උනා.

ඔබේ පෙම්වතියගේ පැරණි පෙම් සම්බන්ධතා ඔබට ගැටළුවක් උනේ නැත්ද?
ආදරය නොකරපු,ආදරයෙන් පැරදුන කෙනෙක් අද හොයාගන්නවත් අමාරුයි.පබෝධාට විතරක් නෙමෙයි මටත් ආදර සම්බන්ධතා තිබුනා.ඒවා අතීතයේ සිදුවූ සිදුවීම් පමණයි.ඒ අතීතය වැදගත් නැහැ.වර්තමානයයි වැදගත්.


සුපර් සික්ස් බැලුවද?   Watch
සුපර් සික්ස් Videos >>
ඔව්

එහි පබෝධාගේ ඇදුම් පැළඳුම් සහ රංගනය ගැන මොකද හිතුනේ?
පබෝධා ෆැෂන් කරනවට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ.මේ කාලේ කරන නැති ෆැෂන් කවද කරන්නද?හැබැයි සැබෑ ජිවිතේ නම් පබෝධා ඔය තරම් කොටට අදින්නේ නැහැ.ඇන්දත් මට ප්‍රශ්නයක් නැහැ.ඒ වගේම සුපර් සික්ස් ෆිල්ම් එකේ පබෝධාගේ සාරංග ගේ හා සුනෙත් ගේ රඟපෑම් වලට ආසයි.
by gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.