Powered by Blogger.

උසස් පෙළ විභාග කාලසටහනේ වෙනසක් ( a/l exam time table 2012)

Saturday, June 9, 2012

ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන් උසස් පෙළ විභාගය වෙනුවෙන් මේ වන විට ප‍්‍රකාශයට පත්කර ඇති විභාග කාලසටහන සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
දැනට ප‍්‍රකාශයට පත්කර ඇති උසස් පෙළ කාලසටනට අනුව ගණිතය සහ ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් හට අසාධාරණයක් සිදුවීම, විභාග කාලසටහනේ සංශෝධනයට හේතුවී ඇත.
කාලසටහනට අනුව රසායන විද්‍යාව පළමු ප‍‍්‍රශ්න පත‍‍්‍රය අගෝස්තු මස 15වැනිදාත් දෙවැනි ප‍‍්‍රශ්න පත‍‍්‍රය අගෝස්තු මස 17 වැනිදාත් පැවැත්වෙන අතර සාමාන්‍ය ඉංග‍‍්‍රිසි ප‍‍්‍රශ්න පත‍‍්‍රය අගෝස්තු 16වන දින පැවැත්වේ.
මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට ලද පැමිණිලිවලට අනුව විභාග කාලසටහනේ සංශෝධනයක් සිදු කිරීමට පියවර ගන්නා බව පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් කියා සිටියි.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.