Powered by Blogger.

ලෝක මව්වරුන්ගේ දිනය World Mother”s Day

Sunday, May 13, 2012


අද ලෝක මව්වරුන්ගේ දිනය. ලෝක සම්මතයක් විදිහට මැයි මාසෙ දෙවෙනි ඉරිදා 'ලෝක මව්වරුන්ගේ දිනය' කියල පිළිගන්නව.අද ලොකයේ ගොඩක් අය වගේම Google Facebook Youtube Yahoo වැනි Web Site ලෝක මව්වරුන්ගේ දිනය සැමරිමට කටයුතු කර තිබුනා.ඔන්න දැන් අපි කතාවට එමු.
 ඔබ ඔබගෙන්ම අහන්න අවුරුදු ගනණාවක් තිස්සෙ තමන්ගෙ දාඩිය, මහන්සිය, කඳුලු මතින් අපි කාගෙත් ජීවිත් ගොඩනඟපු අපේ රත්තරං අම්මල වෙනුවෙන් එක දවසක් විතරක්,අවුරුද්දේ 365 දවසෙන් එක දවසක් විතරක් වෙන් කරලා ඇති ද?
 
තරඟකාරී ආර්ථික, සාමාජික තත්ත්වය නිසා සංකීර්ණ වන්නා වූ පවුලේ අවශ්‍යතා සපුරාලන්නට තාත්තාගේ ලේ කඳුලු විතරක් තවදුරටත් ප්‍රමානවත් වන්නේ නැ.

මොහොතකට හිතල බැලුවොත්, අපේ මව් වරුන් අතින් දෛනිකව ඉටුවන සේවය කොතරම්ද? ඇය රැකියාවක් කළද, නොකළද, ඇය අතින් රටට ඉටුවන සේවය අති මහත්. භාර්යාවක්, මවක් වශයෙන් ඇය ගෘහය පිළිබඳ සියලු කටයුතු සොයාබලන්නීය. ගෙදරදොර අස්පස් කිරීමේ, පිරිසිඳු කිරීමේ සිට, ආහාර පිලියෙළ කිරීම දක්වාත්, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයාබැලීමේ සිට, ගේදොර වියහියදම් පාලනය දක්වාත් සියලු කටයුතු ඇය අතින් සිදුවේ. අද මේ කටයුතු ආයම්මා අතට පත්වන්නේ මව්වරුන්ටද මුදල් හම්බකිරීමේ ආර්ථික සටනට උරදෙන්නට සිදුවන බැවිනි. නමුත් වැඩිපුර සොච්චමක් හම්බ කරගන්නට අප බිල්ලට දී ඇත්තේ පව්ලේ අනාගතයයි. කිසිදු ආයම්මා කෙනෙකුට අම්මාගේ අඩුව පිරිමහන්නට බැරිය. අම්මා තරම් ආදරයෙන් පරෙස්සමෙන් ආයම්මලාට කටයුතු කරන්නට බැරිය. එනිසා ඒ අඩුව සදහටම රස්සාවල් කරන අම්මලා ඉන්නා පවුල් වලට දැනෙනු ඇත.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.