Powered by Blogger.

කටකතා ගැන ශලිනි තාරකා පවසයි (Shalani tharaka talk about gossip)

Friday, May 25, 2012

මම සංකේත්ට කැමතියි- ශලනි
මම ශලනිට ආදරෙයි- සංකේත්

"සිහින පියාපත්", ‍"මලී", සහ ‍"භාර්යාවෝ" යන ටෙලිනාට්‍යවල රඟපෑ ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

මේ පිළිබඳව ඔවුන් දෙදෙනා පසුගියදා පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.


ශලනි ආදරය ගැන මොකද හිතන්නේ ?
සුන්දරයි, ඇත්තටම මම ආදරයට හරි කැමතියි

ජනප්‍රියතාවත් එක්ක මිනිස්සු කියන කතා ගැන මොකද හිතන්නේ ?
ජනප්‍රියතාවත් එක්ක එක එක්කෙනා එක එක දේවල් ගැන කතා කරනවා. හොඳ හෝ නරක ඔවුන් කතා කරනවා

එතකොට ශලිනිට හැදුනු කටකතා ?
කටකතා කියන්නේ සාමාන්‍යය දෙයක්, මම කවුද කියන එක මම දන්නවා

කටකතා වලට බයද ?
මම ඕවට බය නැහැ. ඒ නිසා මම පොඩ්ඩක් වත් ඔය ගැන හිතන් නෑ.

ඔයාගෙයි සංකේත් ගෙයි ආදරයක් ගැන කියන කතාව ?
මම සංකේත් ට කැමතියි. අපි එකම වයසේ, ඒත් සංකේත්, මමයි අතර එහෙම දෙයක් නෑ, අපි හොඳට වැඩ කරන හොඳ මිත්‍රයෝ, ඉදිරිය ගැන අපි දන්නේ නෑ. මාධ්‍ය කරන්නේ කටකතා හදන එක. ඒක යාළුකමක් විතරයි.

මේ පිළිබඳව සංකේත් පවසන්නේ මෙවැන්නක්

සංකෙත් ආදරය ගැන මොකද හිතන්නේ ?
විශේෂයෙන් හිතන්න දෙයක් නෑ. ආදරය ජීවිතයට අවශ්‍යයයි, මම ආදරයට හුඟක් ආදරය කරනවා, එත් ආදරය කරදරයක් වෙන වෙලාවලුත් තියෙනවා

කටකතා ගැන මොකද හිතන්නේ ?
කටකතා හැදෙන්න ඕනේ, කටකතා හැදෙන එක සාමාන්‍යය දෙයක්, මිනිස්සුන්ගේ තියෙන කැතම පුරුද්දත් ඒකනේ

ඔයයි ශලනියි ගැනත් කටකතාවක් තියෙනවා ?
මාධ්‍යය හරහා විවිධ දේ ප්‍රකාශ වෙන්නේ අපේ ගැලපීම නිසාම වෙන්න ඇති. මම ශලනිට ආදරෙයි, ඒක සැබෑ ජිවිතයට වඩා අපේ රඟපෑම තුල බොහොම සැබෑ ලෙස සිද්ධ වෙනවා. මමයි ශලනියි හොඳ යාළුවෝ.

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.