Powered by Blogger.

මාතර වෙසක් කලාපයක් නම් කෙරේ ( Matara Wesak festival 2012)

Saturday, May 5, 2012

වෙසක් පොහොය නිමිත්තෙන් මාතර නගරයේ සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනයේ  5 සිට 11 වැනිදා දක්වා වෙසක් කලාපයක් පැවැත් වේ.
මේ හේතුවෙන් ගාල්ල කතරගම මාර්ගයේ මාතර පඹුරණ හන්දියේ සිට පල්ලියමුල්ල හන්දිය දක්වා මාර්ග කොටසේ වාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති ඉවද සංවිධායකයෝ පවසති.
බැවින් එම කාල සීමාව තුල පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරණ ලෙසද ඉල්ලීමක් කර තිබේ.
ගාල්ල සිට කතරගම දෙසට ගමන් කරන වාහන නූපෙ හන්දිය, අකුරැුස්ස පාර, රාහුල හන්දිය, රාහුල හරස්පාර, ගබඩා වීදිය හන්දිය, හක්මණ පාර, උයන්වත්ත මහජන බැංකුව වටරවුම, උයන්වත්ත වටරවුම පාර, ධර්මරත්න මාවත, රෝහල හන්දිය, ගාලූ පාර, මහානාම පාළම, පරණ තංගල්ල පාර, පල්ලියමුල්ල හන්දිය ඔස්සේ කතරගම මාර්ගයට පිවිසීමට හැකි බව ඔවුන් කියති.
කතරගම දෙස සිට ගාල්ල දෙසට ගමන් කරන මෝටර් රථ මාතර බෝධිය අසලින් කුමාරතුංග මාවත, පඹුරණ හන්දිය ඔස්සේ ගාලූ පාරට පිවිසීම යෝග්‍ය බවද පැවසේ.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.