Powered by Blogger.

චීන ෆෙන්ෂුයි ඇදහීමට අනුග්‍රහය බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන්ද?(laughing Buddha In Sri Lanka)

Friday, May 11, 2012

බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් කැෂියන් හේරත් ගේ හැසිරීමේ ප්‍රශ්නකාරී එකක් බවට පත්වී තිබෙන බව අප කීපවිටක්ම පවසා ඇත්තෙමු.

මෑත කාලීනව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ආගමික මධ්‍යස්ථාන වැටලීමේදීද ඔහු ඒවාට සෘජුවම විරුද්ධ විය.

අනුරාධපුරයේ අනවසර පල්ලිය ඉවත් කිරීම, ලිබර්ටි ප්ලාසාහි ජනතාවගේ මුදල් ගසා කෑ ආගමික ස්ථානය ඉවත්කිරීම සම්බන්ධයෙන් ඔහු විරුද්ධ වී තිබුණි. ඒ අනුව ඒවා ඉවත්කිරීමට නියෝග ලබාදුන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ජේෂ්ඨ ලේකම් එම්.එස් කපුකොටුව මහත්මිය ඔහු විසින් වෙනත් අමාත්‍යංශයකට මාරුකොට යැවුනේ මීට මාස 8කට කලිනි.
 



බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් වනාහි මහාපරිමාණ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ තිලංගනී හේරත් මෙරටට ෆෙන්ග් ෂුයි වන්දනාව පුරුදු කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කල තැනැත්තියක් බව මීට පෙර අප පවසා ඇත්තෙමු

ෆෙන්ග් ෂුයි උපදේශන සේවා ලබාදෙන ඇයගේ මධ්‍යස්ථානයද පිහිටා තිබෙන්නේ ලිබර්ටි ප්ලාසාහිය. එයට අමතරව ඇය "නිර්මාණ ඉංජිනේරු උපදේශන සේවාව" පවත්වාගෙන යයි. කැෂියන් හේරත් සහ තිලංගනී හේරත් ගේ පුතු දුලිත් හේරත් කප්රුක වෙබ් අඩවිය පවත්වාගෙන යයි.

2008-2009 වසර වලදී ලංකාව තුල ඉතා සැලසුම් ගතව ජනතාවට ලංවූ ෆෙන්ෂුයි වංචා කරුවන් මුළු රට පුරාම ෆෙන්ෂුයි පිළිම භාවිතයට ජනතාවට පුරුදු කලේය. කකුල් තුනේ ගෙම්බන්, ගෝනුස්සන් ඉබ්බන්, අශ්ව ලාඩම්, ලාෆින් ගෝඩ් හෙවත් කුබේර පදළදම නිවසේ ව්‍යාපාර ස්ථානයේ තබා ගැනීමෙන් "හතර මහා නිධානය" පහළ වන මානසික තත්ත්වයකට ජනතාව රැගෙන ඒමට ඔවුන්ගේ කපටි උපක්‍රම වලට හැකිවිය.



අමාත්‍ය මර්වින් සිල්වාද කැෂියන් හේරත්ගේ බිරිඳ වන තිලංගනී හේරත් මහත්මිය විසින් ලංකාවට බෝ කළ චීන ෆෙන්ෂුයි පිළිමවන්දනාවට ඇබැහිවී ඇති අයෙක් බව ඊයේ ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

එම පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙන බව මර්වින් සිල්වා විසින් ඊයේ ඊයේ පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා දෙසට හැරෙමින් පැවසුවේ

"මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි." යනුවෙනි.

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බෙල්ලන්තර සිරි සදහම් ආරාමයේද මෙවන් චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම දක්නට ලැබෙනවා.
news by gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.