Powered by Blogger.

නිළියගේ ගබ්සාව හා ඇමති හුටපටය

Sunday, May 27, 2012

ඇමතිවරයෙකු සමග සම්බන්ධතාවයක් පැවැත්වූ ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළියක් සිය තුන් මසකට මදක් වැඩි දරු ගැබක් විනාශකර දැමීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා දැඩි කණස්සල්ලෙන් සිටින බව  වෙත වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් අප කල විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ තමා මේ ලෝකයේ ආදරය කරන කාන්තාවන් අතරින් වැඩියෙන්ම ලෙන්ගතු හා ආදරය කරන කාන්තාව එම නිළිය බවයි.
එවැනි ආදරයක් දක්වද්දීද ඇය තමාගේ දරුවා නැතිකර දැමීම තම ජීවිතයට විශාල දුකක් ඇති කළ බවද ඔහු කීය.
වරක් අදාල නිළිය සමග තමා සම්බන්ධතාවයක් පවත්වනේදැයි රජයේ ප‍්‍රබලම අයෙක් ප‍්‍රශ්න කළ අවස්ථාවේදීද තමා එය නොසගවා එවැනි සම්බන්ධතාවයක් ඇති බව පිළිගත් බවද ඔහු පැවසීය.
එසේම තමා ආණ්ඩුවට දැඩි ලෙස ආදරය කරන බවද පැවසූ ඔහු මේ සම්බන්ධය හේතුවෙන් ආණ්ඩුවට අපහසුතාවයක් ඇති නොවන්නට මෙතෙක් කටයුතු කළ බවද කීය.
කෙසේවුවද මේ සිද්ධිය හේතුවෙන් තමන් හා නිළිය අතර තිබෙන සම්බන්ධය පළදුවී නැති බවද පැවසූ අමාත්‍යවරයා තමාට ඇත්තේ දරුවා නැති කිරීම සම්බන්ධයෙන් පියෙකුට දැනෙන දුකක් බවද පැවසීය.
අදාල නිළිය ඊයේ (25) පෙරවරුවේ කොළඹ පිහිටි ප‍්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකදී මෙම ගබ්සාව කරගෙන ඇති බවත්, අධික ලේ වහනය වීමක් හේතුවෙන් දරු ගැබ විනාශ කල යුතු බව රෝහල් බලධාරීන්ට දන්වමින් මෙය සිදුකරගෙන ඇති බවද පැවසේ.
ඇමතිවරයා හා නිළිය අතර සම්බන්ධය නිළියගේ සැමියාද දැන සිට ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් දරුවන්ට දැඩිව ඇළුම් කරන ඉහත ප‍්‍රබල අමාත්‍යවරයා පසුගිය ඉරිදා දිනයේ නිළියගේ සැමියා හමු වී දරුවාගේ සියළු වගකීම වියදම් සියල්ල තමන් බලා ගන්නා බැවින් දරු ගැබ විනාශ නොකරන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද පැවසේ.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.