උදාරි වර්ණකුලසූරිය සිය කුළුඳුල් දරු ප්‍රසුතිය ලබන සතියේ සිංගප්පූරුවේ දි
Wednesday, May 2, 2012
ටෙලි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය සිය කුළුඳුල් දරු ප්‍රසුතිය ලබන සතියේය.
ඇය ඒ සඳහා ඇගේ සැමියා වන වෛද්‍ය සුජිත් සේවය කරන සිංගප්පූරුවේ රෝහලට යන්න මේ දිනවල සූදානම් වන බව අද සරසවිය පුවත්පතට සම්මුඛ සකච්ඡාවක් ලබා දෙමින් සියා සිටින්නිය.
තවදුරටත් උදාරි කියා සිටියේ දරු ප්‍රසුතියෙන් පසු මාස තුනක් පමණ සිංගප්පූරුවේ සිටින බවයි.පසුගිය දිනවල උදාරි ට දියණියක් ලැබෙන්න සිටින බව ආරංචි වු නිසා ඒ ගැන අදහස් විමසා සිටියේදි උදාරි කියා සිටියේ ස්කෑන් පරික්ෂණයේදි දැන ගන්න ලැබුනේ දියණියක් බවත්,පුතෙකු හෝ දියණියක විශේෂත්වයෙන් තොරව භාරගන්නට සූදානමින් සිටින බවද ඇය කියා සිටියේය.
දැනට බබාට නමක් යෝජනා වි ඇත්දැයි උදාරිගෙන් විමසා සිටියේදි උදාරි කියා සිටියේ තවම නැහැ, නමුත් දරුවාට ‘ස’ අකුරෙන් නමක් තබන බවත් එයට හේතුව නම් තම සැමියගේ නම ‘ස’අකුරෙන් පටන් ගන්න නිසාත්ය.
උදාරි නැවත රංගනය ට හැකිතාක් ඉක්මනට පැමිණිමට අදහස් කරන අතර , උදාරිගෙන් තම දියණිය කවදා හෝ දිනයක රඟපාන්න යන්න ඇහුවෙත් ඇයගේ ආසාවට ඉඩ දෙනව බවත් හැබැයි අවුරුදු 20 පැන්න පස්සේ බවත් තවදුරටත් කියා සිටින්නිය.
උදාරිගේ පුංචි කැදැල්ලට දැන් සම්පුර්ණබවත් ඔවුන් දැන‍් ඉතාමත් ප්‍රිතියෙන් ජිවත් වන බවත් තවදුරටත් උදාරි කියා තිබේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment