Powered by Blogger.

උ.පෙළ සිසුන්ගේ කෝටි 2 ක් වතුරේ !

Thursday, May 3, 2012

2011 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ඉදිරිපත් කල සිසුන්ට මේ වනතෙක් එහි ප්‍රතිඵල ලබා නොදීම නිසා,මේ වර්ෂයේදී ඔවුන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට දොරටු ඇහිරී ඇති බව අසාධාරණයට පත් වූ සිසුන් පවසනවා.
එක විෂයකට රු 200 බැගින් ලක්ෂයකට අධික සිසුන් පිරිසක් නැවත සමීක්ෂණය සඳහා අයදුම් කල අතර ,එමගින් විභාග දෙපාර්තමේන්තුවට ලක්ෂ 200 කට අධික මුදලක් ලැබී තිබෙනවා.එසේම 2011 උසස් පෙළ ප්‍රතිඵල පරික්ෂා කිරීමේදී අක්‍රමිකතා සිදු වුනේද විභාග දෙපාර්තමේන්තුව මගින්.
එසේම මේ පිළිබද ජනාධිපති කොමිසමක් පහු ගිය වකවානුවේ පත් කළා.
කෙසේවෙතත් විභාග ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල සඳහා අයදුම් පත් කැඳවීම සිදු වූ අතර එය පසුගිය මාර්තු 20 වෙනදයින් අවසන් වුනා.එසේ තෝරාගත් සිසුන්ට ලබන මස 20 වෙනිදායින් පසුව නායකත්ව පුහුණුව ඇරෙබෙන බවටද තොරතුරු වාර්තා වුනා.
මේ හෙයින් තමන්ගේ නිසි ප්‍රතිඵලය නොලැබුණු නැවත සමීක්ෂණයට දැමු සිසුනට මහත් අසාධාරණයක් සිදු වන අතර දැයේ දු දරුවන්ගේ අනාගතය වුදෙසා මේ පිළිබඳව කඩිනම් පියවර ගන්නා ලෙස අප වගකිවයුතු අංශයන්ගෙන් ඉල්ලා සිටිනවා !
 
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.