හැඟීම් තියෙන්නේ මිනිස්සුන්ටනේ..එත් කාර් එහෙකට හැඟීම් තියෙනවා
කිව්වොත් පිළිගන්න පුලුවන්ද ..කියවලම බලන්නකෝ මේ රොබෝ කාර් එක ගැන විස්තරේ
එහෙනම් ..
මිනිත්තුවක් මිනිත්තුවක් පාසා ලෝකයේ සිදුවන රිය අනතුරු වලට මුල රියදුරු
හෝ පදිකයන්ගේ නොසැලකිලිමත් බවයි .මෙවන් රිය අනතුරු අවම කරන රොබෝ කාරයක්
නිපද වීමට ඇමරිකාවේ තාක්ෂනය පිලිබඳ මැසචුසෙට් ආයතනයේ නිකලස් පෙනිකුක් සමත්
වී තියෙනවා.මේ එසේමේසේ රොබෝ වාහනයක් නොවන මෙහි දෙන්නෙකුට ගමන් කරන්නත් පුළුවන් අතර කතා කිරීමට කටහඬක්,විපරම් කිරීමට දෙනෙත් මෙන්ම අංග චලනය සහ හැඟීම් දැක්වීමත් මෙයට පුළුවන්.
තවදුරටත් මේ ගැන අදහස් දක්වන නිකොලස් පවසන්නේ දැනට අපි භාවිතා කරන වාහනයකට වඩා මෙය භාවිතා කිරීමට සියදහස් ගුණයක් පහසු බවයි.ඒ මෙයට පන ඇති රියදුරෙකු මෙන් අනෙක් රියදුරන් හා පදිකයන් අතර සන්නිවේදනය කිරීමට පුළුවන් වීමයි.
උදාහණයක් ලෙස මෙවැනි කාරයක් ඉදිරියෙන් ඔබ පාර මාරු වුවහොත් එය නැවතී ඔබව දුටු බවට ඉඟි කරයි ..එය සිදු කෙරෙන්නේ එහි ඇස් අයුරින් නිර්මාණය කර ඇති LED විදුලි බුබුළු රටාවකට දැල්වීමෙන්..ඒ විතරක් නෙමෙයි කාරයේ ආලෝක ධාරා ඔබ යන දිශාවට එල්ල කරන්නත් පුළුවන්..එපමණක් නොවෙයි ඉදිරිපස වීදුරුවේ සිනාසෙන මුහුණක් දිස්වීමට සලස්වීමටත් පුළුවන් ..එසේම පදිකයන්ට සහ අනෙක් රියදුරන්ට ශබ්ද තරංග නිකුත් කරන්නත් එයට පුළුවන්..
ඉතින් මෙවැනි අධි සංවේදී රථයකින් මිනිසෙකු අනතුරට ලක්වීමේ සුළු ඉඩ කඩක් හෝ නැති තරම් !
0 comments:
Post a Comment