Powered by Blogger.

අයි.පී.එල්. අවුල් කළ 05ක් ගෙදර යවයි(BCCI suspends five IPL players)

Wednesday, May 16, 2012

දූෂණ චෝදනා මත මෙවර ඉන්දියාවේ ප‍‍්‍රමුඛ ලීග් කි‍‍‍්‍රකට් හෙවත් අයි.පී.එල්. තරගාවලියේ තරග කරන කී‍‍්‍රඩකයන් පස්දෙනෙකුට තරග තහනමක් පැනවීමට ඉන්දීය කි‍‍්‍රකට් බලධාරීන් තීරණය කර ඇත.
ඒ අනුව පුනේ වොරියර්ස් කණ්ඩායමේ මොනිෂ් මිශ්රා, ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ ටී.පී. සුධීන්දර්, කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ශී‍‍‍්‍රවාස්තව්, අමිත් යාදව් සහ අභිනව් බාලි මෙලෙස තරග තහනමට ලක්වූ ක්‍‍්‍රීඩකයින් පස්දෙනා වේ.
මෙම කී‍‍්‍රඩකයන් පස්දෙනාම පළමු පෙළ කී‍‍්‍රඩකයන් වේ.
ඉන්දීය ප‍‍්‍රමුඛ ලීග් තරගාවලිය අධික ලෙස දූෂණ වංචා සිදුව ඇතැයි එරට රූපවාහිනි නාලිකාවක් වන ඉන්ඩියා රූපවාහිනී නාලිකාව විසින් චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඉන්දීය ක්‍‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් හදිසි රැුුස්වීමක් ද කැඳවා තිබුණි.
රහසිගතව පටිගත කර තිබුණු ක්‍‍්‍රීඩකයින් පිරිසක් සහ ඔට්ටු තබන්නන් අතර තරග පාවා දීම සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡුුාවන් මෙම නාලිකාව විසින් පසුගිය 14 දා රාති‍‍්‍රයේ දී විකාශය කර තිබුණි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය කි‍‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍‍්‍රධානී එන්. ශ‍‍්‍රීවාසන් පවසා තිබුනේ කිසිඳු ආකාරයක දූෂණ වංචාවක් සඳහා සමාව නොදෙන බවයි.
ලොව විශාලතම මුදල් ප‍‍්‍රමාණයක් වැයකරමින් පැවැත්වෙන කි‍‍්‍රකට් තරගාවලිය ලෙස සැලකෙන අයි.පී.එල්. තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ පස්වැනි වරටයි.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.