මවක්
වන්නට පෙරුම් පුරමින් සිටි ජනප්‍රිය ටෙළි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය
සිය කුළුඳුල් දරු උපත සිදු කර ඇති බව වාර්තා වෙනවා. පසුගිය මැයි 29 වැනි
සිකුරාද ඇය උත්පත්තිය දී ඇත්තේ දූ සිඟිත්තියකටය.
ඇයට දියණියක් ලැබෙන්නට තිබෙන බව මින් ඉහතදී සිදුකරණ ලද ස්කෑන් පරීක්ෂණ වලින්ද තහවුරු වී ඇති බවද වාර්තා වී තිබුණා. උදාරී සිය දූ සිඟිත්තිය සමඟ ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයක සිටින බව සිංගප්පූරුවෙන් වාර්තා වෙනවා.
දූ සිඟිත්තිය ද රැගෙන තවත් මසකින් පමණ උදාරි ලංකාවට පැමිණීමට නියමිතයි. සිංගප්පූරුවේ සෙන්තොසා හි පිහිටි නිවාස සංකීර්ණයක සිය ආදරණීය සැමියා සමඟ නිවාඩුව ගත කරන උදාරිගේ ජීවිතයට දියණිය නිසා මහත් ආලෝකයක් ලැබුණු බව ඇය පවසන්නේ හද පිරි සතුටින්. මෙරටට පැමිණි පසු කෙටි කලකින් සුපුරුදු පරිදි රංගන ජීවිතය යළි ආරම්භ කරන්නට ඇය බලාපොරොත්තුවෙන් සිටී.