Powered by Blogger.
Showing posts with label TNL සංඛ්‍යාත හිරු TV උස්සලා. Show all posts
Showing posts with label TNL සංඛ්‍යාත හිරු TV උස්සලා. Show all posts
Thursday, May 3, 2012

TNL සංඛ්‍යාත හිරු TV උස්සලා


පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරාට අයත් ඒ.බි.සි මාධ්‍ය ජාලයේ පළමු රුපවාහිනි නාලිකාව වන “හිරු ටි.වී” නාලිකාව අද (03) නිල පරීක්ෂණ විකාශය ආරම්භ කරන ලදී. රුපවාහිනි නාලිකාවක් වෙනුවෙන් ලංකාවේ සිදුකරන ලද විශාලතම ආයෝජනය ලෙස ද මෙය වාර්තා වේ. ඉන්දියානු වාණිජ්‍ය රූපවාහිනි ආකෘතියට අනුව එම නාලිකාව නිර්මාණය කර ති‍බෙන අතර ඒ අනුව ලංකාවේ රුපවාහිනී නාලිකාවල නුදුටු නව වර්ණ පරාස ඔස්සේ මෙම නාලිකාව ක්‍රියාත්මක වීමට නියමිතයි.
ආරම්භයේදීම 95% ක ආවරණයක් සහිතව විකාශනය ආරම්භ කරන පළමු නාලිකාව හිරු ටි.වී වේ. දැනට දිවයිනේ ස්ථාන දහයක සිට පරීක්ෂණ විකාශයන් කරගෙන යන මෙම නාලිකාව ඉදිරියේදී UHF සංඛ්‍යාත ඹස්සේ නුවර 21,රත්නපුර 21,කුරුණෑගල 22,නායබැද්ද 22, බදුල්ල 23,හුන්නස්ගිරිය 23,ගම්මඩුව 26,යාපනය 38,කිකිළියමාන 38,කොකාවිල් 45,මාගල්කන්ද 45,කොළඹ 56 රට පුරා විකාශය වීමට නියමිතයි. නමුත් ‍මෙසේ ආරම්භයේදීම 95% ක ආවරණයක් සහිතව විකාශනය ආරම්භ කළ “හිරු ටි.වී” හි සංඛ්‍යාත ‍TNL නාලිකාවේ සංඛ්‍යාත යැයි ටෙල්ෂාන් නෙට්වර්ක්ස් පුද්ගලික සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග හා අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට වෙත ලිපි මගින් දැනුම් දී ඇත. තම ආයතනයට වෙන්කර ඇති සංඛ්‍යාත වෙනත් සමාගමකට නීති විරෝධී ලෙස ලබාදී ඇතැයි චෝදනා කරමින් ඔහු මෙම ලිපි ඉදිරිපත් කර ඇත.
තවද වසර 20ක් පුරා තම ආයතනය භාවිත කළ යූඑච්එෆ් චැනල් 26 ඔස්සේ සිදුකල විකාශන කටයුතු මේ වනවිට බාධා මතුව ඇතැයි ප්‍රේක්ෂකයන් ගෙන් පැමිණිලි ලැබෙන බව ශාන් වික්‍රමසිංහ යැවූ ලිපියේ දැක්වේ.
ශාන් වික්‍රමසිංහ පවසන්නේ ඒ පිළිබඳව කළ සොයාබැලීමේදි “හිරු ටි.වී” නාලිකාවට යූඑච්එෆ් චැනල් 26 ඔස්සේ විකාශන කටයුතු සදහා මාතලේ රත්තොට ගම්මඩුව කිලෝවොට් 10ක විකාශන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉඩදී ඇතැයි හෙලිවූ බවය.
මෙම නීති විරෝධී විකාශන කටයුතු නතර කර මාධ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨත්වය අනුව සංඛ්‍යාත වෙන් කිරීමේ ක්‍රමය පිලිපදින ලෙස ශාන් වික්‍රමසිංහ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටියි.

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.