Powered by Blogger.
Showing posts with label Sangeetha Weerasingha Hot Wallpapers collections. Show all posts
Showing posts with label Sangeetha Weerasingha Hot Wallpapers collections. Show all posts
Wednesday, July 25, 2012

දැන් මගෙ දිහා මිනිස්සු ගෞරවයෙන් බලනවා - සංගීතා Sangeetha Weerasingha Hot Wallpapers collections

සිංහළ සිනමාවේ ජනප්‍රිය නිළියක් සංගීතා වීරරත්න. ඇය පවසන්නේ මුලින් තමන් ගැන ජනප්‍රිය අයකු ගැන කතා කරන විදියෙන් කතා කලත් අද වන විට ප්‍රේක්ෂකයන් ඇය ගැන ගෞරවයකින් කතා කරන බවයි.

එසේම ජනප්‍රිය සහ ක්ෂේත්‍රයේ ස්ථාවර වූ නළු නිළියන් නිතර දකින්නට සිටීම නුසුදුසු බවත් ඇය පවසනවා.

රඟපාන්න හොඳ ඕනෑම චරිතයක් වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්තෙන් සිටින සංගීතා පවසන්නේ මෙලෙසයි.

ඔබ කාලයක් සුපිරි තාරකාවක් විදියට ජනප්‍රිය උණා. ඒ ජනප්‍රියත්වය තාම තියනවද?
ඒ ජනප්‍රියත්වය එහෙමම තියෙනවා. නමුත් ඒ ජනප්‍රියත්වයේ වෙනසක් මම දකිනවා. එදා මිනිස්සු කතා කල විදියට වඩා අද වෙනස්. අද ප්‍රේක්ෂකයන් කතාකරන විට ගෞරවයක් මුසු ගැඟීමකින් කතා කරනවා. දැන් මම බිරිඳක්. ඒ වගේම මවක්. සමහර විට ඒ නිසාම වෙන්න ඇති. එදා තරුවක් විදියට උපරිම තැන ලැබුනා. අද ඊට ගෞරවයකුත් එකතු වෙලා.


චිත්‍රපට රංගන ශිල්පිනියන්, ටෙලිනාට්‍ය වල රඟපෑමෙන් ඇගේ ප්‍රතිරූපයට හානි වෙනවද?
චිත්‍රපට රංගන ශිල්පින්/ශිල්පිනියන් නිතර දකින එක සුදුසු නෑ කියල මම පිළිගන්නවා. ඇත්තටම මේ දේ බලපාන්නෙ ජනප්‍රියත්වය හිමි කරගෙන ඉන්න අයට. ජනප්‍රිය වෙන්න හිතාගෙන ඉන්න අය නිතර පෙනී සිටින්න අවශ්‍යයයි. ඒත් මම හිතනවා චිත්‍රපට රංගන ශිල්පින් ඉදහිට හෝ රූපවාහිනියේ පෙනී සිටීම වරදක් නෑ කියලා. එමඟින් ප්‍රතිරූපයට හානියක් වෙන්නෙ නෑ.


සිනමාවෙ ඕනම චරිතයක් භාරගන්නවද?
රඟපාන්න සුදුසු චරිතයක් නම් භාරගන්නවා. සීමාවන් වලට යටපත් වෙලා රඟපෑම් හරියාකාරව කරන්න බැහැ. සුදු, කළු චරිත වෘත්තියට අදාල නැහැ. මම විවෘත මනසකින් කටයුතු කරන නිසා චරිතයට සීමා, වැටකඩොළු දාගන්නෙ නැහැ.


 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.