Powered by Blogger.
Showing posts with label Samsung Galaxy S3 එළි දකී.. Show all posts
Showing posts with label Samsung Galaxy S3 එළි දකී.. Show all posts
Thursday, May 10, 2012

Samsung Galaxy S3 එළි දකී !

සැම්සුන් සමාගම විසින් ගැලැක්සි මාදිලියේ අළුත්ම දුරකථනය වන ගැලැක්සි S3 පසුගියදා ලන්ඩනයේදී එළි දැක්වුණා.

Android ICS 4 (ඇන්ඩ්‍රොයිඞ් අයිස් කී‍්‍රම් සැන්ඞ්විච්) මෙහෙයුම් පද්ධතියෙන් යුක්ත මෙය 8MP පසුපස කැමරාවක්, 1.9MP ඉදිරි කැමරාවක්, Quad-core 1.5 GHz (කෝර් 4 කින් යුත්ත) ඉතා වේගවත් processor එකක්ද, 1GB RAM එකකින්ද යුක්තයි.

720 x 1280 pixels resolution සහිතය. ගැලැක්සි S2 තිරයට වඩා 22% කින් විශාල 4.8 inches Super AMOLED තිරයකින් සමන්විතය. එය iPhone 4S වල 640 x 960 pixels, 3.5 inches ටවඩා වැඩි අගයකි.


ගැලැක්සි S3 හි විශේෂ අංග දෙකකි. උපාංගය වෙත දෑස යොමු කරගෙන සිටීම එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර මෙලෙස සන්නිවේදනය කරන විටදී දුරකථනයේ තිරය නොනිමී තිබීම එකකි.

දෙවැන්න "S Voice" ලෙස නම් කර ඇති පාලන ක‍්‍රමවේදයයි. iPhone හි "Siri" සිස්ටම් එක මෙන් ක්‍රියාත්මක වන මෙම ක‍්‍රමය යටතේ, තමන්ට කිරීමට අවශ්‍ය දෙය පැවසීමෙන් එය ඉටුකරගැනීමට පුළුවන. මෙම පහසුකම දැනට භාෂා 8කින් ලබාගත හැක.

මැයි 29 දා සිට යුරෝපීය වෙළඳපොලට අමතරව ටෝකියෝ, ඩුබායි ඇතුළු ලොවපුරා තවත් නගර 10ක අලෙවි වනු ඇත. Galaxy S3 නිකුත් කිරීමට මසකටත් වැඩි කලක් තිබියදී බෙදා හරින්නන් විසින් දුරකතන මිලියන 10යක් ඉල්ලා තිබුණි.

ජංගම දුරකථන නිපදවන සමාගම් අතර ප‍්‍රමුඛස්ථානය දැරූ නොකියා සමාගම අභිබවා යාමට සැම්සුන් සමාගම සමත්වූයේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ දුරකථන නිපදවූමත් සමඟය.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.