Powered by Blogger.
Showing posts with label LP gas. Show all posts
Showing posts with label LP gas. Show all posts
Friday, May 4, 2012

Facebook Jokes (Milk powder, LP gas, cement prices upped)


Shere කිරිමට පහල ඇති Button බාවිතා කරන්න


ගෑස්, කිරිපිටි, සිමෙන්ති යලිත් මිල ඉහලට (Milk powder, LP gas, cement prices upped)

ගෑස් සිලින්ඩරය රු.350/- කින් ඉහළට
කිරිපිටි කිලෝව රු. 163/- කින් ඉහළට
සිමෙන්ති කොට්ටයක් රු.70/- කින් ඉහළට


අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි.
ඔහු මේබව අනාවරණය කළේ කොළඹ පැවැති  ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය.ලාෆ් සහ ලිට්‍රෝ යන ගෑස් දෙවර්ගයටම මෙය බලපාන බවද ඔහු කීය.
ඒ අනුව ලාෆ්ස් ගෑස් මෙන්ම ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලද මේ අයුරින් ඉහළ යන බව සඳහන්ය.ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2045 කි.

මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කලා. මෙ අනුව කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර රුපියල් 647ක් වු කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති.


ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.

මීට අමතරව කි.ග‍්‍රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ දමා තිබෙනවා.

පාං රාත්තලක මිල රු. 3කින් ඉහළ ගියේ මීට දින කීපයකට උඩදීයි. බොහෝ ප්‍රදේශ වල නව පාං රාත්තලක මිල රු. 60/- කි.

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.