Powered by Blogger.
Showing posts with label ෆේස්බුක් නිර්මාතෘ යුගදිවියට(Facebook owner Mark sakabar wedding). Show all posts
Showing posts with label ෆේස්බුක් නිර්මාතෘ යුගදිවියට(Facebook owner Mark sakabar wedding). Show all posts
Tuesday, May 22, 2012

ෆේස්බුක් නිර්මාතෘ යුගදිවියට(Facebook owner Mark sakabar wedding)

ෆේස්බුක් සමනිර්මාතෘ මාක් සකර්බර්ග් විවාහ වී ඇතැයි වාර්තා වේ.
සකර්බර්ග් ගේ මනාලිය වූයේ දිගුකාලයක් පුරා ඔහුගේ පෙම්වතිය ව සිටි පි‍්‍රසිලා චෑන් ය.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරන අන්දමට 28 හැවිරිදි සකර්බර්ග් හා 27 හැවිරිදි චෑන් විවාහ වී ඇත්තේ කැලිෆෝනියාවේ පිහිටි සකර්බර්ග් ගේ නිවසේදීය.
මෙම උත්සවයට අමුත්තන් 100ක් පමණ සහභාගී වී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
තමා චෑන් සමග විවාහ වූ බවට සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කිරීමෙන් අනතුරුව මෙම පුවත අනාවරණය වී ඇත.
ඔවුන් දෙදෙනාගේ විවාහ ඡායාරූපයක්ද සකර්බර්ග් විසින් සිය ෆේස්බුක් පිටුවට එක් කර ඇත.
සකර්බර්ග්ට චෑන් හමුවී ඇත්තේ ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ව සිටි අවධියේදීය.
චෑන් පසුගිය සතියේදී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගැනීමට සමත්විය.
සකර්බර්ග් – චෑන් විවාහයට දිනකට පෙර ෆේස්බුක් සමාගමේ මූලික කොටස් නිකුතුව පැවැත්විණි.
මෙය ඇමෙරිකානු ඉතිහාසයේ සිදුවූ තෙවැනි විශාලතම මූලික කොටස් නිකුතුව බව විදෙස් වාර්තා වල දැක්වේ
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.