ෆේස්බුක් සමාගමේ තාක්‍ෂණික ප‍්‍රධානියා ලෙස කටයුතු කරන බ්‍රෙට් ටේලර් එම සමාගමෙන් ඉවත් වන බව වාර්තා වේ.
ඔහු මෙලෙස ඉවත්වී යන්නේ නව සමාගමක් ආරම්භ කිරීමේ අරමුණෙනි.
මේ සම්බන්ධව අදහස් දක්වන ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසා ඇත්තේ ටේලර් මහතා හා වැඩ කිරීම සතුටක් බවත් ෆේස්බුක් සමාගම වෙනුවෙන් ඔහු සිදුකළ සේවය අගයන බවත්ය.
පසුගියදා සිදුවූ ෆේස්බුක් කොටස් නිකුතුවෙන් පසුව එහි සේවකයන් රැසක් එක රැයින් ලක්‍ෂපතියන් බවට පත්වූ අතර, සේවකයන් මෙම සමගම අත්හැර යනු ඇති බව විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබුණි.
මෙම කොටස් නිකුතුවෙන් පසුව ෆේස්බුක් කොටස් අගය ඇමෙරිකානු ඩොලර් 38 සිට 30 දක්වා බැස තිබුණි.Newz by Srilankamirror.com
