Powered by Blogger.
Showing posts with label ළමා අපචාර ගැන ගීතා කනස්සල්ලෙන්. Show all posts
Showing posts with label ළමා අපචාර ගැන ගීතා කනස්සල්ලෙන්. Show all posts
Thursday, July 5, 2012

ළමා අපචාර ගැන ගීතා කනස්සල්ලෙන්

දිනපතා ළමයින්ට සිදුවන අපචාර සම්බන්ධයෙන් කුණු පළාත් සභා මන්තී‍්‍ර ගීතා කුමාරසිංහ මහත්මිය බලවත්සේ කනස්සල්ලට පත්ව සිටියි.  අද (06) ඇල්පිටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වු ඇය ළමා අපචාර සම්බන්ධයෙන් සියලූම කාන්තාවන් දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සදහන් කළාය.

මේ අතර, තංගල්ල ප‍්‍රදේශයේ අවන්හලකදී බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට භාර වූ නාගරික මන්තී‍්‍ර අංජන ලියනගේ මහතා ඇතුළු 05 දෙනා මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.  ඊයේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වු මොවුන් අද (05) තංගල්ල මහේස්ත‍්‍රාත්වරිය වන කේ.යූ.ටී. ද සිල්වා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු  මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 ළමා අපචාර චෝදනා සඳහා දේශපාලඥයින් සම්බන්ධවීම පිළිබඳව කොළඹ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද අදහස් පළ කළේය. මෙවැනි සිද්ධීන්ට සම්බන්ධ දේශපාලඥයින්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇති බව  අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.