Powered by Blogger.
Showing posts with label හිරු ටි.වී නිසා ස්වර්ණවාහිනියේ ලයිව් ඇටි 8 නවතියි ද?. Show all posts
Showing posts with label හිරු ටි.වී නිසා ස්වර්ණවාහිනියේ ලයිව් ඇටි 8 නවතියි ද?. Show all posts
Thursday, May 3, 2012

හිරු ටි.වී නිසා ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 නවතියි ද?(Hiru TV NEXT)

හිරු ටි.වී නිසා ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 නවතියි ද?



ඊයේ (03) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබු හිරු ටි.වී විකාශන කටුතු තවමත් ආරම්භ වි නැත.හිරු ටි.වී විකාශය මැයි තුන් වනදා විකාශය ආරම්භ කරන බව ප්‍රකාශ කොට තිබුනේ ඒ.බි.සි මාධ්‍ය ජාලයේ හිමි කරු වන රෙනොර් ද සිල්වා මහාතා වේ.ඒ බව ඔහු නිල වශයෙන් මාර්තු මස 22 වනදා ෆයිනෑන්ශල් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.




නමුත් හි.රු ටි.වී නිල වශයෙන් විකාශ කටයුතු ආරම්භ කිරීම ජුලි මස සිදු වන බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.




හි.රු ටි.වී අනිසි ආකාරයට ලබාගෙන ඇති විකාශන සංඛ්‍යාත මගින් සිරස ඇතුළු අනෙකුත් නාලිකා වල විකාශනයන්ට බාධා සිදුවන ආකාරයට හි.රු ටීවී විකාශය ආරම්භ කිරීමට සුදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.








මේ අතර හිරු ටි.වී හේතුවෙන් මේ දිනවල වඩාත් අපහසුතාවයට පත්ව සිටින්නේ ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 පුවත් විකාශයේ පුවත් මැදිරියයි.ඒ එහි වැඩ කල පිරිසෙන් 15 දෙනෙකු හිරු ටි.වී පුවතත් අංශය වෙත යාම හේතුවෙනි.
හිරු ටීවී අංශයේ පුවත් අංශයේ ප්‍රධානියා ලෙස නම් කොට ඇත්තේ කලක් ස්වර්ණවාහිනියේ ප්‍රවෘති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කල උපේන්ද්‍ර හේරත් මහතා වන අතර ඔහු ස්වර්ණවාහිනියේ සිටින පරණ සගයන් බොහෝ දෙනෙක් හිරු ටි.වී වෙත එක්කරගෙන ඇත.
මේ අතර සව්ර්ණවහිනියේ සිටි ප්‍රධාන ප්‍රවෘති කතෘවරුන් හා ප්‍රවෘති නිෂ්පාදකවරුන් වේ.
ස්වර්ණවාහිනියේ දැනට වැඩ කරන තවත් පිරිස් හිරු ටි.වී ආරම්භ කල පසු එයට සම්බන්ධ වීමට නියමිතයි.


ස්වර්ණවාහිනියේ සිට හිරු ටි.වී වෙත එක්වූ සියලු දෙනාටම තමා ලැබූ වැටුප මෙන් දෙගුණයක් ගෙවීමට හිරු ටි.වී පාලනාධිකාරය තීරණය කර ඇති අතර එවන් වැටුපක් ලබා දෙන්නේ කෙල්සද යන්න පිළිබඳව ස්වර්ණවාහිනියේ බලධාරීන් වික්ෂිප්තව සිටි.








 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.