Powered by Blogger.
Showing posts with label සුරංගි කෝසලා ගැන අලුත් කතාවක්. Show all posts
Showing posts with label සුරංගි කෝසලා ගැන අලුත් කතාවක්. Show all posts
Sunday, June 17, 2012

සුරංගි කෝසලා ගැන අලුත් කතාවක්


මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ ‘මාධවී’ ලෙස රංගන දිවියට අත්පොත් තැබූ සුරංගි කෝසලා කුමාරි ගැන අලුත් කතාවක් කලා ක්ෂේත‍්‍රයෙන් වාර්තා වේ.
ඒ අලුත් කතාව නම් 2010 වසරේ නොවැම්බරයේදී යුගදිවියට එළඹි සුරංගි පසුගිය ජුනි 03 වැනිදා දූ සිගිත්තක් බිහිකර ඇති බවයි.
ඇගේ සැමියා ජාතික රූපවාහිනියේ වේශ නිරූපන ශිල්පියකු වන සඳුන් අතුකෝරාළය.
මොවුන් එකිනෙකා හා හාදවී තිබුණේ E බ්‍රේන් ටෙලියේදීය.
මේ අතර මේ යුවල දියණියට අමුතු නමක් තැබීමට සැරසෙන බවද වාර්තා වේ.
සුරංගි නිළියක්වීම නිසා ස‍දුන් හා සුරංගිගේ හාදකමට මුල් කාලයේදී සඳුන්ගේ මවගෙන් කැමැත්ත නොලැබුණ බවද පැවසේ.
කෙසේවුවද මොවුන්ගේ මංගල උත්සවයද අමුතු එකක් වූ අතර, ඔවුන්ගේ මංගල උත්සවය උදේවරුව සිංහල චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුවත්, සවස් වරුව බටහිර පන්නයටත් දෙවැනි දවසේ උදේ වරුව සුපුරුදු ආකාරයට සිංහල චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුවත් සවස්වරුව හින්දු විදිහට පැවැති බවද පැවසේ.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.