Powered by Blogger.
Showing posts with label සාරංග දිසාසේකර පරඳා කැළුම් ශිවන්ත ඉදිරියට - Srilankamorrir 3D උපුටා ගැනිමකි. Show all posts
Showing posts with label සාරංග දිසාසේකර පරඳා කැළුම් ශිවන්ත ඉදිරියට - Srilankamorrir 3D උපුටා ගැනිමකි. Show all posts
Monday, July 2, 2012

සාරංග දිසාසේකර පරඳා කැළුම් ශිවන්ත ඉදිරියට - Srilankamorrir 3D උපුටා ගැනිමකි

 Srilankamorrir 3D උපුටා ගැනිමකි



පසුගිය සතියේ ලංකාවේ ජනප‍්‍රියතම තාරකාව තේරීමේ තරඟයක් පවත්වනු ලැබූ අතර එහිදී විශාල තරඟකරුවන් පිරිසක් අභිබවා අවසන් වටයට සුදුසුකම් ලැබූවේ ජනප‍්‍රිය නලූ‍ සාරංග දිසාසේකර සහ ශ‍්‍රී ලංකා මිරර් වෙබි අඩවියේ සංස්කාරක කැලූ‍ම් ශිවන්තයි. අවසන් මහා තරඟයෙන් සාරංග පරදවා කැලූ‍ම් ලංකාවේ ජනප‍්‍රියතම තාරකාව බවට අභිෂේක ලැබීය.

මේ තරඟය සදහා පූර්ණ අනුග‍්‍රහය දක්වනු ලැබූවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවයි. මෙහි නිළ විද්‍යුත් මාධ්‍ය අනුග‍්‍රාහකයා වශයෙන් කටයුතු කරණු ලැබූවේ සිරස මාධ්‍ය ජාලයයි. නිළ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය ‛මවිබිම’පුවත් පත විසින් දරණු ලැබීය.

මේ වන විටත් ශ‍්‍රී ලංකා මිරර් වෙබි අඩවියේ සංස්කාරක කැලූ‍ම් ශිවන්ත මහතාගේ දුරකථනය ඇමතුම් ලබා ගත නොහැකි තරමට කාර්ය බහුල වී තිබෙන අතර ඔහුට මේ ජනප‍්‍රිය භාවය ලබා දීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරණු ලැබූවේ රජය විසිනි.

සාමාන්‍යයෙන් ලංකාවේ ජනප‍්‍රීය තාරකාවක් වන්නට එස්.එම්.එස් මනාප ලබා ගැනීම, සහ විශාල ප‍්‍රචාරක වැඩ සටහන් කිරීම මෙන්ම මුදල් වියදම් කිරීමද කළ යුතුය. නමුත් මේ ජනප‍්‍රියභාවය ලබා ගන්නට කැලූ‍ම් ශිවන්තට පූර්ණ සහය දෙනු ලැබූවේ කිලී මහරජාගේ සිරස මාධ්‍ය ජාලය සහ ටිරාන් අලස්ගේ මවිබිම පුවත් පතයි. ඔහුගේ මේ ජයග‍්‍රහණය වෙනුවෙන් මේ මධ්‍ය ආයතන සහ එහි හිමිකරුවන් කළ සේවය අති විශාලය.

මීලග ලංකාවේ ජනප‍්‍රිය තාරකාව තේරීමේ තරගයේ තරඟකරුවකු බවට පත්ව ඇත්තේ රුවන් ෆර්ඩිනන්ඩස් මහතායි. ඔහු වෙනුවෙන් මේ වන විටත් සිරස සහ මවිබිම පුවත් පත පූර්ව ප‍්‍රචාරක වැඩසටහන් ආරම්භ කර තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්කුව සහ ආරක්ෂක අමාත්‍යංශය තරඟ සංවිධායකයන් වශයෙන් පත්වනු ඇත.

මේ වැඩසටනේ නිළ රාජ්‍ය මාධ්‍ය ආයතනය වශයෙන් කටයුතු කරණු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවයයි. මේ සතියේ ජනප‍්‍රියතම තාරකාව තේරීමේ තරඟයෙන් කැලූ‍ම් ශිවන්ත සාරංග දිසාසේකර පරඳවා ජයග‍්‍රහණය කලා මෙන්ම ඉදිරි සතියේ මේ තරඟයෙන් රංජන් රාමනායක පරඳවා රුවන් ෆර්ඩිනන්ඩස් මහතා ජයග‍්‍රහණය හිමිකර ගනු ඇති බව අපිට විස්වාසය. එතෙක් අවධානයෙන් අප සමග රැුදී සිටින්න යැයි අපි ඔබට ආරාධනා කරන්නෙමු.

උපුටා ගැනිමකි
srilankamirror.com
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.