Powered by Blogger.
Showing posts with label ස්ත්‍රී දූෂක සුනිල්ගේ සහයට පිරිස් රොක් වෙයි Akuressa PS Chairman and for rape case. Show all posts
Showing posts with label ස්ත්‍රී දූෂක සුනිල්ගේ සහයට පිරිස් රොක් වෙයි Akuressa PS Chairman and for rape case. Show all posts
Wednesday, July 25, 2012

ස්ත්‍රී දූෂක සුනිල්ගේ සහයට පිරිස් රොක් වෙයි Akuressa PS Chairman and for rape case

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් යන අයට නගා ඇති බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා අසත්‍ය බව පවසා ඔහු වහා නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් ඊයේ (23) පෙරවරුවේ අකුරැස්ස නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. 

මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස අකුරැස්ස නගරයේ විකල්ප මාර්ගයට යාබදව ඇති බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට බුද්ධ ප්‍රතිමාව අසලට රැස් වී බෝධි පූජාවක් ද සංවිධානය කර තිබුණි. 

ඒ සදහා භික්ෂූන් වහන්සේ නමක්ද වැඩම කරවා තිබිණ. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එම ස්ථානයේ සිට අකුරැස්ස ප්‍රධාන බස් නැවතුම්පොළ අසලට පැමිණියහ. ඔවුන් ප්‍රකාශ කළේ කුහක දේශපාලනයේ කුමන්ත්‍රණයක් නිසා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මෙවන් ඉරණමක් අත් වී ඇති බවයි. 

මේ නිසා ඔහුට සාධාරණය ඉටු කොට නිදහස ලබා දී සභාපති ධූරය නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

සාරුව සුනිල් යනු කුමන ආකාරයේ පුද්ගලයෙක්ද යන්න ගොසිප්9 විසින් මෙයට පෙර හෙළිකරනු ලැබුවේය. කාන්තාවන් 100 දෙනෙකු සමග යහන්ගත වීමෙන් හෝටල් වල පාටි දමන, බාල වයස්කාර දැරියක ළඟ තබා ගෙන වරින් වර දුෂණය කල ඔහු වැනි පුද්ගලයෙකු වෙනුවෙන් උද්ඝෝෂණයට එක්වූ මෙවන් පිරිස් පිලිබඳ කිව යුතු දෙයක් නැත.ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබුනේ මොනවදැයි යන්න අප නොදනිමු.



ලංකාවේ පවතින දේශපාලනයේ සැබෑ ස්වරුපය මින් හෙළිවී ඇති අතර හෙට දිනයේ සාරුව සුනිල් නැවත දේශපාලනයට පැමිණියහොත් අප පුදුමයට පත්විය යුතු නැත.by gossip9
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.