Powered by Blogger.
Showing posts with label වෙබ් අඩවියක ලියාපදිංචි ගාස්තුව ලක්ෂයයි. Show all posts
Showing posts with label වෙබ් අඩවියක ලියාපදිංචි ගාස්තුව ලක්ෂයයි. Show all posts
Thursday, July 12, 2012

වෙබ් අඩවියක ලියාපදිංචි ගාස්තුව ලක්ෂයයි

වෙබ් අඩවියටත් බදු (රජය ‍මෙතරම් හිගාකයි ද?)

රජය විසින් ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අය කිරීමට අද තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී කෙහෙළිය අමාත්‍යවරයා විසින් මේ බව දන්වා සිටි අතර ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයට අමතරව නැවත වාර්ෂිකව අලුත්කිරීමේ ගාස්තු ලෙස රු. 50,000/- ක් ද ගෙවිය යුතු බවත්, අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවත් සඳහන් කර තිබුණා
.

ජනතාවට ක්ෂණිකව හා නොමිලේ පුවත් ලැබෙනා මාධ්‍යක් ලෙස වෙබ් අඩවි මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ අතර බොහෝ වෙබ් අඩවි අදටත් ප්‍රවෘත්ති ලබාදෙන්නේ ලාභ අපේක්ෂාවෙන් තොරවයි.

වෙබ් අඩවි පිළිබඳව අනර්කලී, දමිතා හා හිරුණිකාගේ අදහස්

වෙබ් අඩවි යනු රකුසෙක්ය වැනි මතයක් ගොඩ නැඟීමට මේ දින වල සිරස නාලිකාව කටයුතු කරමින් සිටිනවා. දිනපතා ප්‍රවෘත්ති විකාශය තුළින් 20%ක් පමණ වෙලාව ඔවුන් වෙන් කරන්නේ වෙබ් අඩවි පිළිබඳව එම මතයක් ඉදිරිපත් කිරීමටයි.


එම ව්‍යායාමගේ එක් පියවරක් ලෙස ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාවත් තවත් පියවරක් ලෙස අනර්කලී, දමිතා හා හිරුණිකාවත්  සම්බන්ධ කරගන්නේ ඉන් පසුවයි.

එහිදී අනර්කලී විසින් පවසන්නේ "නිවුස් ෆස්ට් තමයි මම වෙනුවෙන්ම ඇත්ත ප්‍රකශ කළේ" ලෙසයි.


වෙබ් අඩවි පිළිබඳව අනර්කලී, දමිතා හා හිරුණිකාගේ අදහස් පහතින්.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.