Powered by Blogger.
Showing posts with label ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි. Show all posts
Showing posts with label ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි. Show all posts
Friday, May 25, 2012

ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි

ශ්‍රී ලංකාවට අයත්වන පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා "සුප්‍රීම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙනවා. 

මූලිකව ඩොලර් මිලියන 20ක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ පසුගියදා අත්සන් තැබුණු මෙම ව්‍යාපෘතිය, පසුව ඇමරිකානු ඩොලර් මිලියන 320ක් දක්වා වැඩිකිරීමටයි යෝජනා වී තිබෙන්නේ

DFH-4 වර්ගයට අයත් මෙම චන්ද්‍රිකාව 2015 වසරේ අංශක 50ක් නැගෙනහිර අහසේ කක්ෂගත වීමට නියමිත අතර 
එමඟින් චන්ද්‍රිකාගත දුරකථන සේවා හා අන්තර්ජාල සේවාද ආරම්භ කිරීමටද අවස්ථාව ලැබෙනු ඇති.

මේ සඳහා යොදාගන්න්නා චන්ද්‍රිකාවේ නිර්මාණ සැලැස්ම, නිෂ්පාදන හා චන්ද්‍රිකාව කක්ෂගත කිරීම මෙන්ම මේ ආශ්‍රිත වෙළඳ පහසුකම් සලසාගැනීම සඳහා "සුප්‍රීම් සැට්" සමාගම විසින් "China Great Wall Industries Corporation" සමාගම හා "China Satellite Communication Corporation" සමාගම් සමඟ හවුල් ව්‍යාපාර ගිවිසුමකට එළඹ තිබේ.

"සුප්‍රීම් සැට්" සමාගමේ කළමණාකාර මනිවන්නන් මහතා පවසන්නේ මේ සඳහා විදුලි සංදේශ කොමිෂන් සභාව සමඟ ඒ සඳහා අනුමැතිය ගැනීමට සාකච්ජා කරමින් පවතින බවයි.

මෙම චන්ද්‍රිකාව ලංකාවට අයත් වුවද එය කක්ෂගත කෙරෙනුයේ ලංකාවේ සිට නොව චීනයේ 
චන්ද්‍රිකා ගුවන්ගත කිරීම් හා අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයකිනි.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.