Powered by Blogger.
Showing posts with label රයිගම් ටෙලී කෙළි හෙළි වෙයි-නළුවෝ මාරුවෙයි-නේහාරා පිංතූරත් මගහරියි. Show all posts
Showing posts with label රයිගම් ටෙලී කෙළි හෙළි වෙයි-නළුවෝ මාරුවෙයි-නේහාරා පිංතූරත් මගහරියි. Show all posts
Sunday, May 13, 2012

රයිගම් ටෙලී කෙළි හෙළි වෙයි-නළුවෝ මාරුවෙයි-නේහාරා පිංතූරත් මගහරියි (Raigam Tele Awords 2012 Fail !)

ඉකුත් සිකුරාදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති රයිගම් ටෙලීස් සම්මාන රාති‍්‍රයේදී ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට ද සම්මානයක් හිමි විය.
එම සම්මාන රාති‍්‍රයේදී රොස්මන්ඩ්ට මේ සම්මානය ලැබුණේ විශේෂ ඇගයීමකට නොවන බවට ඇගවීමට රයිගම් ටෙලීස් සංවිධායකයෝ උත්සාහ කළ ද එය සම්මාන උළෙල පුරාම කතා බහට ලක්වූ මාතෘකාවක්වී තිබිණි.
කෙසේවුවද මේ වන විට රොස්මන්ඞ්ට හදිස්සියේම රයිගම් ටෙලීස් සම්මානයක් ලැබී ඇත්තේ රයිගම්ලාට දුන් සහයෝගයට ප‍්‍රතිඵලයක් ලෙස බව හෙළිවී තිබේ.
රයිගම් ටෙලීස් සම්මාන රාති‍්‍රයේ රූපවාහිනී ආවරණය සිදුකරනු ලැබුවේ ස්වාධින රූපවාහිනිය මගිනි.
මෙය ඔවුන්ගේ නිෂ්පාදනයක් ලෙස රුපියල් ලක්‍ෂ 600,000 ක් වැනි අඩුමුදලකට කරදීමට අතහිතදී ඇත්තේ රොස්මන්ඩ් සේනාරත්න මහතාය.
එසේම සාමාන්‍යයෙන් රූපවාහිනී නාලිකාවක් විසින් යම් උත්සවයක් ආවරණය කරමින් සිදුකරනු ලබන නිෂ්පාදනයක පටිගත කිරීම් වෙනත් නාලිකාවක විකාශය කිරීමට අවසර හිමි නොවේ.
එහෙත් රයිගම් ටෙලීස් තවත් රූපවාහිනී නාලිකා කිහිපයක විකාශය කිරීමට ද අවසර ලැබී තිබෙන අතර එය රොස්මන්ඩ්ගේ පිහිටෙන් සිදුවූවක් බව පැවසේ.
මින් රයිගම්ලාට අඩු මුදලකින් වැඩි ප‍්‍රචාරයක් ලබා ගැනීමට හැකිවූ බවද කළා කරුවෝ කියති.
කෙසේවුවද සම්මාන රාති‍්‍රයේදී ඊට සහභාගිවූ කලා කරුවන්ට රටබීම හා ප‍්‍රනීත ආහාර වේලක රස බැලීමටත් අවස්ථාව උදා කිරීමට සංවිධායකයන්ට මුදල් ඉතිරිකරදුන් රොස්මන්ඞ්ට පිංදිදී වෝටර්ස් එජ් හෝටලයෙන් පිටවී ගිය කලා කරුවන් කිහිපදෙනෙක් සිටින බවද මේ අතර වාර්තා වේ.
නළුවෝ මාරුවීම
රයිගම් ටෙලීස් හොඳම නළුවා වූයේ බිමල් ජයකොඩිය.
මේ සඳහා නිර්දේශිතව සිටි සෙසු නළුවන් දෙදෙනා ජනක් පේ‍්‍රමලාල් හා පාලිත පෙරේරාය.
‘ස්වයංජාත’ ටෙලියේ ප‍්‍රධාන නළුවා එම  ටෙලියේ අධ්‍යක්‍ෂවරයා නම්කර යැවූ ජගත් චමිල වෙනුවට හොඳම නළුවා ලෙස ජනක් නිර්දේශවීමද අපූරු පටලැවිල්ක් බව මේ වන විට ක්ෂේත‍්‍රය තුළ කතා බහට ලක්ව තිබේ.
එසේම ජගත් චමිලට මෙම සම්මාන උළෙලට ආරධනයක් හෝ නොලැබුණ බවද පැවසේ.
නේහාරා පිංතූරත් මගහරියි  
රයිගම් ටෙලීස්හි ජනපි‍්‍රයම නිළිය බවට පත් නෙහාරා පීරිස් සිය සම්මානය ලැබුණු විගස සම්මාන උළෙලෙන් පිටවී ගිය බවද මේ අතර වාර්තා වේ.
ඇය එහි සම්මාන ලැබූ සමූහ ඡායාරූප සඳහාද නොසිටි බවද පැවසේ.

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.