Powered by Blogger.
Showing posts with label මේනකගේ අලූත්ම හාදකම ශෙරිල් සමග (Menaka Love with Sheril?). Show all posts
Showing posts with label මේනකගේ අලූත්ම හාදකම ශෙරිල් සමග (Menaka Love with Sheril?). Show all posts
Sunday, May 27, 2012

මේනකගේ අලූත්ම හාදකම ශෙරිල් සමග (Menaka Love with Sheril?)

රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සමන් කුමාර ලියනගේ මේ දිනවල මීළග ටෙලි නිර්මානයට සූදානමින් සිටී.
සමරවීර විජේසිංහ විසින් ලියන ලද ‘‘වැස්ස වලාහක’’ නව කථාව ආශ‍්‍රයෙන් නිර්මාණය වන මෙහි තිර රචනය පුෂ්ප කුමාර එල්ලාවල විසින් සිදුකර ඇත.
කොටස් 50 කින් සමන්විත මෙම නාට්‍ය සති අන්තයේදී ස්වර්ණවාහිණියේ විකාශය වීමට නියමිතය.
සති අන්තයේදී උසස් නිර්මාණ විකාශය විය යුතුයැයි යන බුද්ධික කුලසේකරගේ සංකල්පනාවත් අනුව මෙය සතිඅන්තයේ විකාශයවන බව පැවසේ.
වසර 1930 ඉංග‍්‍රීසි පාලනය අවසානය පසුබිම් කරගත් මෙම කථාව තුළින් කියවෙන්නේ ගැමි පවුල් දෙකක් අතර ඇතිවන අරගලයක් බද්ධ වෛරයක් දක්වා ගොස් නැවත ඒ තුළින් මතුවන අදහා ගත නොහැකි තරමේ අපූරු ආදරයක් පිළිබදවය.
සාරංග දිසාසේකර, ගයාන් වික‍්‍රමතිලක, මැණිකේ අත්තනායක, හිමාලි සිරිවර්ධන, ගිහාන් ප‍්‍රනාන්දු, මාදනි මල්වත්ත, ලකී ඩයස්, ෂෙරිල් ඩෙකර්,  සම්පත් ජයවීර, මොරින් චාරුනි, මේනක රාජපක්ෂ ,මනෝහාරි විමලතුංග , දීපානි සිල්වා මීට රංගනයෙන් දායක වේ.
මෙම ටෙලි නාට්‍යට අනුව මේනකගේ පෙම්වතිය වන්නේ ෂෙරිල් ඩෙකර්ය.
සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ සමන් කුමාර ලියනගේ මීට පෙර සදගිරි පව්ව, සදගල තැන්න, රන්තලිිය වලව්ව, මොණර තැන්න, සුබා ආදී අරුත්බර නාට්‍ය රැුසක් නිර්මාණය කර තිබේ.
වර්ෂ 1988 දී තරුණ සේවා සභාවෙන් ගමන් ඇරඹි ඔහු වසර 15 ක් ජාතික රූපවාහිනියේ සේවය කොට පසුව ස්වර්ණවාහිනිි නාලිකාව සමග එක්වී  මේ වන විට එහි සේවයේ යෙදී සිටියි.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.