Powered by Blogger.
Showing posts with label මිරර් කාර්යාලයෙන් ගත් පරිගණක කොළඹ සරසවියට යවයි. Show all posts
Showing posts with label මිරර් කාර්යාලයෙන් ගත් පරිගණක කොළඹ සරසවියට යවයි. Show all posts
Monday, July 2, 2012

මිරර් කාර්යාලයෙන් ගත් පරිගණක කොළඹ සරසවියට යවයි

ඇතුල් කෝට්ටේ පිහිටි ශී‍‍්‍ර ලංකා මිරර් කාර්යාලයේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙනයන ලද පරිගනක වැඩිදුරටත් පරීක්‍ෂව සඳහා කොළඹ සරසවියේ පරිගනක පීථය වෙත භාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍‍්‍රාත් ප‍‍්‍රසන්න අලිවිස් මහතා ඊයේ (02) නියෝග කළේය.

මෙම නියෝගය කරනු ලැබුවේ අදාල පරිගනකවල මකා දමන ලද හා පැරණි දත්ත සිය පරීක්‍ෂණ සඳහා අවශ්‍ය බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ලබන 06 වැනිදා වර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍‍්‍රාත්වරයා නියෝග කළේය.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව මගින් පසුගිය 29 වැනිදා එම කාර්යාලය සෝදිසි කර ශී‍‍්‍ර ලංකා මිරර් කර්තෘ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේය.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.