Powered by Blogger.
Showing posts with label මැතිවස් ශ‍්‍රී ලංකාවට ජය ගෙනෙයි (Mathews gem seals series for Sri Lanka). Show all posts
Showing posts with label මැතිවස් ශ‍්‍රී ලංකාවට ජය ගෙනෙයි (Mathews gem seals series for Sri Lanka). Show all posts
Monday, June 18, 2012

මැතිවස් ශ‍්‍රී ලංකාවට ජය ගෙනෙයි (Mathews gem seals series for Sri Lanka)

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍‍්‍රඩාංගණයේ ඊයේ (18) පැවති පස්වැනි එක්දින කි‍‍්‍රකට් තරගයේදී ශ‍‍්‍රී ලංකා කණ්ඩායම විසින් පකිස්තානු කණ්ඩායම කඩුළු 02කින් පරාජයට පත්කරමින් තරගාවලියේ ජයගැනීමට සමත් විය.
ශ‍්‍රී ලංකාව විසින් තරග පහකින් සමන්විත මෙම එක්දින කි‍‍්‍රකට් තරගාවලියේ ජයගත්තේ තරග 4 – 1ක් ලෙසය.
ප‍‍්‍රවේගවත් පිතහරඹයක නිරතවු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලබා ගත් ලකුණු 80 හා දිනේෂ් චන්දිමාල්ගේ අගනා ලකුණු 54 ශී‍‍්‍ර ලංකා පිලට ජයග‍‍්‍රහණය සඳහා ඉවහල් විය.
මැතිව්ස්ගේ ඉණිම හතරේ පහර 04කින් හා හයේ පහර 02කින් වර්ණවත් විය.
තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් විසින් දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය තිසර පෙරේරාට හිමිවිය.
පකිස්තානය (පන්දුවාර 50කදී) 247/7
(ඉම්රාන් ෆර්හට් 56, උමාර් අක්මාල් (නොදැවී) 55, අසාද් ෂෆීක් 38, මිස්බා – උල් – හක් 32, අසාර් අලී 30, ජීවන් මෙන්ඩිස් 30/2, නුවන් කුලසේකර 53/2, ලසිත් මාලිංග 52/1, තිසර පෙරේරා 54/1)
ශ‍්‍රී ලංකාව (පන්දුවාර 49.4 කදී) 248/8
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 80, දිනේෂ් චන්දිමාල් 54, කුමාර සංගක්කාර 40, සොහේල් ටන්වීර් 42/3, ෂහීඞ් ඇෆ්රිඩි 48/2, මොහොමඞ් හෆීස් 30/1)
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.