Powered by Blogger.
Showing posts with label මම ඇඟිලි දිග කෙනෙක් හෙව්වේ නෑ-ෂෙරිල් (Sheril Decar News). Show all posts
Showing posts with label මම ඇඟිලි දිග කෙනෙක් හෙව්වේ නෑ-ෂෙරිල් (Sheril Decar News). Show all posts
Wednesday, May 23, 2012

මම ඇඟිලි දිග කෙනෙක් හෙව්වේ නෑ- ජායාරුප ඉන්ටනෙට් එකට ගියේ කොහමද කියල දන්නේ නෑ - ෂෙරිල් (Sheril Decar News)

"අමා" ටෙලි නාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් හා චිලී සම්බන්ධයෙන් ලිපි කීයපයක් පසුගියදා අප ඉදිරිපත් කළා.

ෂෙරිල් හා චිලී එකට ඉන්නා ජායාරූපයත්, ඇඟිලි දිග පෙම්වතෙකු සොයන පුවතත් සම්බන්ධයෙන් ඇය පසුගියදා පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.

ඔබ හොයන පෙම්වතාගේ තියෙන්න ඕනේ මොනවගේ ගතිලක්ෂණද?
මගේ එහෙම හීන නෑ. ඒක මම කාලයට ඉඩ දෙනවා. දෙවියන්වහන්සේකේ කැමැත්ත අනුව ඒ දේ සිදුවෙයි.


එහෙනම් ඔබ උස, ඇඟිලිඔ දිග පෙම්වතෙක්ට කැමතියි කියන්නෙ?
ඔය කතාව පසුගිය කාලයේ එකතරා මාධ්‍යක පලවුණා. මම කවදාවත් ඒ වගේ මෝඩ කතාවක් කියලා නෑ. මේ දේවල් කොහොම පල වුනාද දෙවියෝ තමයි දන්නේ.

චිලී ඔබේ පෙම්වතා කියන්නේ ඇත්තක්ද?
ඔය ඊලඟ මඩ ප්‍රචාරය. චිලී එක්ක මගේ එහෙම කිසිම සම්බන්ධයක් නෑ. තියනව නම් මට "ඔව්" කියන්න බැරිකමකුත් නෑ. මොකද මම බොරු කියන්න කැමති නැති නිසා. ඒත් නැති දෙයක් තියනවා කියන්න බැහැනේ.

එහෙනම් චිලී හා ඔබේ ජායාරූප අන්තර්ජාලයේ පලවී තිබුනේ කොහොමද?
ඒවා ඉන්ටර්නේට් එකට ගියේ කොහොමද කියන්න මම දන්නේ නෑ.

ඒ කියන්නේ ඔබ චිලී සමඟ ජායාරූප වලට පෙනී සිටියා?
ඔව්. ඒ ඔහුගේ මියුසික් වීඩියෝව වෙනුවෙන්. ඒ රූප රචනාවට අදාලව ගත්ති ජායාරූප වගයක් තමයි ඒ විදිහට අන්තර්ජාලයේ පලවුනේ. මියුසික් වීඩියෝව එලියට ආවම මම කියන්නේ ඇත්තද බොරුද කියලා හරියට දැනගන්න පුළුවන්.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.