Powered by Blogger.
Showing posts with label මධුරිගේ අළුත් වඩක් (Maduri's Hot News). Show all posts
Showing posts with label මධුරිගේ අළුත් වඩක් (Maduri's Hot News). Show all posts
Tuesday, May 8, 2012

මධුරිගේ අළුත් වඩක් (Maduri's Hot News)

ප‍්‍රවීන නිළි මධුරි ඩික්සිත්, බොලිවුඞ් සිනමාවේ අළුත් ඉනිමක් ආරම්භ කිරීමට පෙරුම්පුරන බව වාර්තා වේ. කලක් ක්ෂේත‍්‍රයේ සිටි ප‍්‍රධානතම නිළියක් වූ මධුරි සිය විවාහයෙන් පසුව ඇමෙරිකාවේ පදිංචියට ගියාය.
විවාහයෙන් පසුව ඇය රඟපෑ ආජා නචලේ චිත‍්‍රපටිය එතරම් සාර්ථක නොවුවද, ඇය සහභාගී වූ ඉන්දීය රූපවාහිනි වැඩසටහන් තුළින් යළිත් රසිකරසිකාවියන්ට සමීප වීමට මධුරි සමත් විය.
විවාහයෙන් අනතුරුව සිය සැමියා හා දරු දෙදෙනා සමග ඇමෙරිකාවේ පදිංචි වී සිටි මධුරි පසුගිය ඔක්තෝබර් මාසයේදී සිය පවුල සමග ඉන්දියාවේ යළි පදිංචි විය.
මේ වනවිට ඇය විශාල් භාද්වාජ් ගේ ’දේද් ඉෂ්කියා’ හා අනුභව් සංහා ගේ ’ගුලාබ් ගංග්’ යන චිත‍්‍රපටි සඳහා යොදාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය පවසා තිබුනේ සිය රසිකරසිකාවියන් වෙනුවෙන් නව චරිත වල හා එකිනෙකට වෙනස් චිත‍්‍රපටි වල  රඟපෑමට තමා යුහුසුළු වන බවයි.
නිළියක් ලෙස තමාට අභියෝගයක් එල්ල කිරීමට ද තමාට අවශ්‍ය බව මධුරි වැඩිදුරටත් පවසයි.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.