Powered by Blogger.
Showing posts with label නිල් පටිවල සිටි සනී ලංකාවට ඇවිත්(Blue Films sunny leone in sri lanka). Show all posts
Showing posts with label නිල් පටිවල සිටි සනී ලංකාවට ඇවිත්(Blue Films sunny leone in sri lanka). Show all posts
Saturday, May 19, 2012

නිල් පටිවල සිටි සනී ලංකාවට ඇවිත්(Blue Films sunny leone in sri lanka)

ඉන්දියානු සම්භාවයක් සහිත කැනේඩියානු කාමුක ඡායාරූප හා චිත‍්‍රපට නිරූපිකාවක වන සනී ලියෝන් මේ දිනවල බොලිවුඩ් චිත‍්‍රපටයක රූගත කිරීම් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.
තිස් එක් හැවිරිදි සනී මහේෂ් බාත් විසින් අධ්‍යක්ෂණය කරන ජිසම් 2 බොලිවුඩ් චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා මෙරටට පැමිණ ඇත.
ජිසම් 2 හී අනෙකුත් කොටස් ඉන්දියාවේ දිල්ලි, මුම්බායි සහ ගෝවේ යන නගරවලදී රූගත කිරීමට නියමිතය.
සනී ලියෝන්ට අමතරව මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා ශහීන් බාත්, අෂ්මිත් පටෙල්, වීනා මලික් යන දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ඇතුළත්ය.
සනී ලියොන් යනු බොලිවුඞ් සිනමාවට එක්වූ අලූ‍ත් නිළියක් බවද ඇය මීට ඉහතදී අසභ්‍ය චිත‍්‍රපටවල රඟපෑ බවද සිනමා ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ රහසකි.
ඒ අනුව එම දුසිරිත් අතහැර සිනමා නිළියක ලෙස ඉදිරියට ඒමට ඇය පෙරුම් පුරන බවද වාර්තා වේ.
ඇය සිනමාවට ඒමට ඉහතදී පෙනී සිටි අසභ්‍ය චිත‍්‍රපට ඇතුළත් ඞී.වී.ඞී. සහ සී.ඞී. තැටි කොල්කටා නගරයේ හොර රහසේ අලෙවි වීම පිළිබඳ ඇය දැඩි කනස්සල්ලකින් පසුවන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.