Powered by Blogger.
Showing posts with label ට්වයිලයිට් බබා මෙන්න (Fans get good look at Renesmee on magazine). Show all posts
Showing posts with label ට්වයිලයිට් බබා මෙන්න (Fans get good look at Renesmee on magazine). Show all posts
Saturday, June 16, 2012

ට්වයිලයිට් බබා මෙන්න (Fans get good look at Renesmee on magazine)

ලොවපුරා අතිශය ජනපි‍්‍රයත්වයට පත් ට්වයිලයිට් චිත‍්‍රපටි මාලාවේ අවසාන කොටසේ පෙනී සිටින එඞ්වර්ඩ් – බෙලා ගේ දියණිය වන රෙනීසමී කලන් ගේ ඡායාරූප පෙලක් එළිදක්වා ඇත.  මෙම ඡායාරූප පෙළ පළවී ඇත්තේ එන්ටර්ටේන්මන්ට් වීක්ලි සඟරාවේ 2012 ජුනි 22 කලාපයේය.  රෙනීසමී කලන් ගේ චරිතයට පණපොවන්නේ 11 හැවිරිදි මැකෙන්සි ෆෝයි ය.  ඇය මෙහිදී චිත‍්‍රපටියේ ප‍්‍රධාන නළු නිළියන් වන රොබර්ට් පැටින්සන් (එඞ්වර්ඞ්), කි‍්‍රස්ටන් ස්ටුවර්ට් (බෙලා) හා ජේකබ් (ටේලර් ලෝට්නර්) සමග මෙම සඟරාවේ ඡායාරූප වල පෙනී සිටියි.  ට්වයිලයිට් චිත‍්‍රපටි මාලාවේ සිවුවැනි චිත‍්‍රපටිය වන ‘බ්‍රේකින් ඩෝන් 1’ පසුගිය නොවැම්බරයේදී තිරගත වූ අතර, මෙහිදී ඉතා කෙටි දර්ශනයකට මැකෙන්සි පෙනී සිටියාය.  එහෙත් ට්වයිලයිට් රසික රසිකාවියන් හට ඇයව හොඳින් දැකබලාගැනීමට හැකි වූයේ මෙම ඡායාරූප වලිනි.  ට්වයිලයිට් චිත‍්‍රපටි මාලාවේ පස්වැනි හා අවසාන චිත‍්‍රපටිය වන ‘බ්‍රේකින් ඩෝන් 2’ මේ වසරේ නොවැම්බර් මස තිරගත වීමට නියමිතයි  Watch More Videos About Twilight Movie >>
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.