Powered by Blogger.
Showing posts with label ජීප් රියක් පදිකයන් තිදෙනෙකුව යටකරලා. Show all posts
Showing posts with label ජීප් රියක් පදිකයන් තිදෙනෙකුව යටකරලා. Show all posts
Thursday, May 3, 2012

ජීප් රියක් පදිකයන් තිදෙනෙකුව යටකරලා

ඊයේ (02) පස්වරු 05.15 පමණ එරාවුර් වන්දාරමුල්ල මාරි අම්මාන් කෝවිල අසලදී ජීප් රථයක කාන්තාවන් තිදෙනෙකු ගැටී එක් අයෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා චෙන්කලාඩි රෝහලට ඇතුලත් කර ඇති අතර මියගොස් ඇත්තේ 31 හැවිරිදි ශ‍්‍රී කලෙයි වානි නැමැත්තියක් බවද එම නිවේදනයේ සඳහන්ය.
ජීප් රථයේ රියදුරු පොලිසි භාරයට ගෙන ඇති බවත්, ජීප් රථය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් එකක් යැයි අනාවරණය වී ඇති බවත් එහි දැක්වේ.
අනතුර හේතුවෙන් කෝපයට පත් ප‍්‍රදේශවාසීන් කළහකාරී ලෙස හැසිරී ඇති අතර, එලෙස හැසිරුනු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අද (03) මඩකලපුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බවත් එම නිවේදනයේ දැක්වේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු එරාවූර් පොලිසිය විසින් සිදුකරයි.
srilankamirror
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.