Powered by Blogger.
Showing posts with label ජාතික රුපවාහිනී සංඛ්‍යාත CSN ගනී (CSN - Sri Lankas Premier Sports). Show all posts
Showing posts with label ජාතික රුපවාහිනී සංඛ්‍යාත CSN ගනී (CSN - Sri Lankas Premier Sports). Show all posts
Tuesday, July 31, 2012

ජාතික රුපවාහිනී සංඛ්‍යාත CSN ගනී (CSN - Sri Lanka's Premier Sports)

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමට වාර්ෂිකව මුදල් ලබා දී ගෙන ඇති සංඛ්‍යාත කිහිපයක් කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.

දෙනියායෙන් සහ කොළඹින් විකාශය වන UHF 41 සහ යටියන්තොරින් විකාශය වන UHF 43 සංඛ්‍යාතය විදුලි සංදේශන නියාමන කොමිසමට ආපසු ලබාදෙන මෙන් පසුගිය 23 වනදා රුපවාහිනී ඉංජිනේරු අංශයෙන් ඉල්ලා ඇත.

මේ අතර කාල්ටන් රුපවාහිනී නාලිකාව මහනුවරින් UHF 41 සංඛ්‍යාතය මගින් වැඩසටහන් විකාශය කරනු ලබයි. එකම සංඛ්‍යාත යොදාගෙන එහි වෝල්ටීයතාවය වැඩිකොට විකාශය කිරීමෙන් ජාතික රුපවාහිනියේ විකාශයන්ට බාධා පැමිණිය හැකි මෙන්ම එය නීති විරෝධී කටයුත්තකි.


දෙනියායෙන් සහ කොළඹින් විකාශය වන UHF 41 සංඛ්‍යාතය 2001 දී මිලදිගත්තක් වන අතර යටියන්තොරින් විකාශය වන UHF 43 මිලදීගෙන ඇත්තේ 2004 වසරේදීය.

පසුගිය 22 වනදා හැව්ලොක් ක්‍රීඩාපිටියේදී පැවැත්වූ නාවික හමුදාව සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර පවතී තරඟයේ ස්ලෝ මෝෂන් දර්ශන විකාශය කිරීමටද යොදාගෙන ඇත්තේ රුපවාහිනී සංස්ථාවේ උපකරණ වේ.
by gossip9
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.