Powered by Blogger.
Showing posts with label කොච්චිකඩේ 4X4 තරඟයේ මාරක අනතුර. Show all posts
Showing posts with label කොච්චිකඩේ 4X4 තරඟයේ මාරක අනතුර. Show all posts
Monday, July 2, 2012

කොච්චිකඩේ 4X4 තරඟයේ මාරක අනතුර

කොච්චිකඩේ පොලිස් වසමට අයත් ඕවිටිවත්ත ප්‍රදේශයේ ඊයේ (1) පැවැති ජීප් රථ ධාවන තරගයකදී ඇතිවූ හදිසි අනතුරකින් නරඹන්නන් දෙදෙනකු මරණයට පත්වූ අතර බරපතළ තුවාල ලැබූ අයෙකු මිගමුව රෝහලට ඇතුලත් කෙරිණි.

තරඟයේ ස්වභාවය අනුව බාධා සහිත ධාවන පථයක තරගකරුවන් ධාවනය කල යුතු අතර එක් තරඟකරුවෙකුට ධාවන පථයේ වටයක් සම්පුර්ණ කිරීම සඳහා ලැබෙනුයේ විනාඩි 20 ක කාලයකි.එසේ නොමැති තරඟකරුවන් ජීප් රථයද සමග තරඟයෙන් ඉවත් කරනු ලැබේ.


මේ ධාවන තරගය සඳහා තරගකරුවන් 40ක් සහභාගී වී ඇති අතර එයින් හත්දෙනෙක් කාන්තාවෝ වෙති.ඊයේ දිනයේදී පැවති මෙම තරඟාවලියේදී එක් ජීප් රථයක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර එය දොඹකරයක් මගින් ඉවත් කිරීමට යාමේදී ජීප් රථයේ චැසිය ගැලවී ගොස් ඇති අතර එය ජංගම දුරකතනයෙන් පටිගත කරමින් සිටි තරුණයකුගේ හිසේ වැදී හිසෙන් කොටසක් ගලවාගෙන ගොස් ඇති අතර ඒ අසල සිටි අනෙක් තරුණයෙකුගේද ඇඟේ වැදී තිබෙනවා.

එම අනතුරෙන් මරණිය තුවාල ලැබූ පාණදුරේ පදිංචි හේවගේ ඉරේෂ් එරංග පෙරේරා (22) සහ අනුරුද්ධ නමැති තරුණයන් දෙදෙනා ඊයේ දිනයේදී එම ස්ථානයේදී මිය ගියා.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.