Powered by Blogger.
Showing posts with label කුස පබා විචාරය හේතුවෙන් චිත්‍රපට සඟරාව නවතී Kusa Paba Film and Magazin. Show all posts
Showing posts with label කුස පබා විචාරය හේතුවෙන් චිත්‍රපට සඟරාව නවතී Kusa Paba Film and Magazin. Show all posts
Wednesday, July 25, 2012

කුස පබා විචාරය හේතුවෙන් "චිත්‍රපට" සඟරාව නවතී Kusa Paba Film and Magazin

චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කරන "චිත්‍රපට" සඟරාව හදිසියේම බෙදාහැරිම අවලංගු කර ඇත.2012 වසරේ ප්‍රකාශයට පත්කළ පළමු සඟරාව මෙලෙස බෙදාහැරිම අවලංගුකොට සංස්ථා පරිශ්‍රයේ සඟවා තිබේ.

මෙම "චිත්‍රපට" සඟරාව පසුගිය කාලයේ ප්‍රචාරයක් ලබා දෙමින් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබුන අතර රන්ජිත් පෙරේරා නම් ලේඛකයා විසින් ලියු කුස පබා චිත්‍රපටයේ විචාරයක් හේතුවෙන් එය මෙසේ අවලංගුකොට ඇති බව වාර්තාවේ.

එම සඟරාව තහනම් කිරීමට හේතුවූ විචාරයේ කොටසක් පහත වේ.


‘‘ප්‍රේක්ෂක ජන රාශිය ගොඩ නගා ඇත්තේ රාජ්‍ය අනුග්‍රහය ප්‍රකට ලෙස අමු අමුවේ යොදා ගෙන නොවේද? මෙලෙස ප්‍රේක්ෂක ජන රාශිය ගොඩ නගන මේ නඩය අද රට පාලනය කරන දේශපාලන - මිලිටරි සංකීර්ණයට ලඟ නෑ කම් කියන අය නොවේද? 
චිත්‍රපට බෙදා හැරීම සිදු කරන දිවයිනේ තියෙන සියළුම ප්‍රදර්ශන මණ්ඩලවලට අයත් සිනමා ශාලා තෝරාගෙන ඒවා ඔස්සේ දැවැන්ත ප්‍රචාරන යාන්ත්‍රණයක සහාය ඇතිව ස්වකීය නිශ්පාදන බෙදා හැරීමට තරම් හැකියාවක් මේ නඩයට ඇත්තේ ඔවුන් දේශපාලන - මිලිටරි සංකීර්ණයකට කෙලින්ම බද්ධ නිශ්පාදන කණ්ඩායමක් නිසා නොවේද?’’
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.