Powered by Blogger.
Showing posts with label කාල්ටන් පී‍්‍රතියට පී‍්‍රතිත් ලංකාවට එයි(preity zinta to Sri lanka). Show all posts
Showing posts with label කාල්ටන් පී‍්‍රතියට පී‍්‍රතිත් ලංකාවට එයි(preity zinta to Sri lanka). Show all posts
Monday, May 21, 2012

කාල්ටන් පී‍්‍රතියට පී‍්‍රතිත් ලංකාවට එයි(preity zinta to Sri lanka)

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගවලියේ  අවසන් දිනය වන ජුනි 03 වැනිදා දේශීය හා විදේශීය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ප‍්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතය.
පැය දෙකකින් සමන්විත මෙම ප‍්‍රසංගය සඳහා බොලිවුඞ් තිරයේ අතිශය ජනපි‍්‍රය බිපාෂා බාසු, සමීරා රෙඞ්ඩි සහභාගි වෙති.
එමෙන්ම මේ මස 26 – 27 දෙදින මහනුවර බෝගම්බර ක‍්‍රීඩංගනයේදී පැවැත්වෙන රග්බි පළමු අදියර සඳහාද සුපිරි නළු විවේක් ඔබරෝයි සහ පී‍්‍රති සින්ටා විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතය.
අන්තර් ජාතික සත් සාමාජික රගර් පිටියට පළමුවරට නව තරග රටාවක් හඳුන්වා දුන් කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියට ලෝක සත් සාමාජික රගර් පිටියේ දැවැන්තයන් වන ටොමායි කැමා, ඞී.ජේ.ෆෝබස්, ටිමි මික්ල්සන්, ෆ‍්‍රෑන්ක් හලායි, මැතිව් ටර්නර් සහ ඬේන් හෝර්ටන් ද ප‍්‍රබල විදෙස් ක‍්‍රීඩකයන් 40 දෙදෙනෙකුද තරග වැදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.