Powered by Blogger.
Showing posts with label කටකතා ගැන චිලි සහ ෂෙරිල් ගේ අදහස් (sheril decker Gossip News about boy friend). Show all posts
Showing posts with label කටකතා ගැන චිලි සහ ෂෙරිල් ගේ අදහස් (sheril decker Gossip News about boy friend). Show all posts
Tuesday, May 8, 2012

කටකතා ගැන චිලි සහ ෂෙරිල් ගේ අදහස් (sheril decker Gossip News about boy friend)

මම ෂෙරිල්ට කැමතියි - චිලි
අපි අතර සම්බන්ධයක් නැතුවම නෙවෙයි - ෂෙරිල්


"අමා" ටෙලි නාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් පෙම්වතෙකු සොයන බවත්, "ටිකක් උස, ඇඟිලි දිග" කෙනෙකුට කැමති බවත් මීට පෙර ලිපියකින් අප ඔබට ගෙන ආවා. 


ඉන් පසු "ටිකක් උස" පුද්ගලයෙකු වූ චිලි තිලන්ක සමග ෂෙරිල් ගීතයක් සඳහා රුප රචනාවකට සහභාගී වෙමින් ගත් ජයාරූප කිහිපයක්
ගොසිප්9 ඔස්සේ පලවීම හේතුවෙන් බොහෝ දෙනා සිතුවේ ෂෙරිල්ගේ පෙම්වතා චිලී බවයි.

මේ පිළිබඳව ඔවුන් දෙදෙනා විසින් පසුගියදා පුවත් පතකට පවසා තිබුනේ මෙලෙසින්.


චිලි ඔයා ආදරය ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ආදරය කියන්නේ හුඟක් සුන්දර බැඳීමක මුලාරම්භයක්..

චිලිට මේ වෙද්දී ප්‍රේමවන්තියක් ඉන්නවද?
එහෙම විශේෂ කෙනෙක් නැහැ. හැබැයි මම ආදරය කරන අය ඉන්නවා

ජනප්‍රියතාවත් එක එක්කෙනා ගැන කතා කරන්න ගන්නවා. ඒක ඔයත් අත් විඳලා ඇති?
රසිකයෝ හොඳ කියනවා. නරක කියනවා. හැමදේම කියනවා. සමහර කට්ටිය මාව කිසිම තේරුමක් නැතිව වැඩක් කරන කෙනෙක් විදියටත් දකින අවස්ථා තියෙනවා

කටකතා ගැන මොකද හිතන්නේ?
කටකතා ඉතින් කොහොමත් ජනප්‍රියතාවත් එක්ක එන දෙයක්නේ. කටකතා හැදෙන එක ඉතින් අපිට නවත්වන්න බැහැනේ. ජනප්‍රිය වෙනවයි කියන එකේ හොඳම සාධකය තමයි කටකතා.

චිලි කටකතා වලට බයද?
ඔව්. මොකද සමහරක් අවස්ථාවලදී බොරු ප්‍රචාරයන් නිසා අපහසුතාවන් ඇති නොවුනාම නොවෙයි.

ඔයා සහ ෂෙරිල් අතර සම්බන්ධයක් තියෙනවද?
අනේ ඒක ඇත්තටම විහිළුවක්. යම් යම් මාධ්‍ය හරහා ඔයා ගැන කටකතා තියෙනවා. මම ෂේරිල්ට කැමතියි. අපි හොඳ යාලුවෝ. ඒ සම්බන්ධතාව මත කිසිම දෙයක් ගැන මම හිතලා නැහැ.

මේ පිළිබඳව ෂෙරිල් පවසන්නේ මෙවන් අදහසක්

ජනප්‍රිය මිනිස්සුන්ට හැදෙන කටකතා ගැන ෂෙරිල් මොකද හිතන්නේ?
මමත් ඔය කියනදේට මුහුණ දුන් අවස්ථා නැතුවාම නෙවෙයි.මම මගේ රසිකයන්ට හුඟක් ආදරය කරනවා.එත් මම එයාලගෙන් ඉල්ලන්නේ එක එක විදියට මාධ්‍යන් හරහා කෙරෙන බොරු ප්‍රචාර විශ්වාස කරන්න එපා කියලා.

ඔයා ආදරය ගැන මොකද හිතන්නේ?
ආදරේද…හොඳයි ඉතින්..

කටකතා ගැන මොකද හිතන්නේ?
මේකයි කටකතා හැදෙන්නේ ජනප්‍රිය තාවත් එක්ක. එත් එක්කම මම හුගක් සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක්..මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ව මට නැති කරන්න හදන මිනිස්සුන්ගේ වැඩක් තමයි කටකතා.ඒ ගැන මමහුගක් හිතන කෙනෙක් නෙමෙයි.

කටකතා වලට බයද?
අනේ පොඩ්ඩක් වත් බය නෑ..

ඔයයි චිලියි අතර අදර සම්බන්ධතාවක් තියෙනවද?
ඔය කටකතාව හැදෙන්න මුලිකම හේතුව මම චිලිගේ මියුසික් වීඩියෝ එකක් කළා. "ලා රෝස" කියලා. ඒකයි

ඔයයි චිලියි අතර සම්බන්ධයක් නෑ?
අපි අතර සම්බන්ධයක් නැතුවම නෙමෙයි. අපි හොඳ යාලුවෝ තාම. මම ඒ ගැන ඊට වඩා දෙයක් කතාකරන්න කැමති නෑ. gossip9 

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.