Powered by Blogger.
Showing posts with label ඒ ජායාරූපය නිර්මාණය කල එකක් - නයනා කුමාරි (Nayana Kumari talk abount His Photos). Show all posts
Showing posts with label ඒ ජායාරූපය නිර්මාණය කල එකක් - නයනා කුමාරි (Nayana Kumari talk abount His Photos). Show all posts
Sunday, June 17, 2012

ඒ ජායාරූපය නිර්මාණය කල එකක් - නයනා කුමාරි (Nayana Kumari talk abount His Photos)

ඕවා කරන්නේ වෙබ් අඩවි මගින් යැපෙන තිරිසන් මිනිස්සු  

 ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි නයනා කුමාරි හට මේ දිනවල පැතිර යන විවිධ කට කතා වලට පිළිතුරු සපයා තිබේ.මෙවන් පිළිතුරු සැපයීමක් මෙයට පෙරද ඇය මාධ්‍යය වෙත හෙළි කර තිබු අතර මෙවර පලවී ඇති ජායාරූපය නිර්මාණය කල එකක් බව ඈ සඳහන් කර තිබෙනවා. ඇගේ අදහස් බලන්න පහතින්  ඇත්තටම මොකක්ද ඔබට හැදී තිබෙන කටකතාව? ඔය කටකතා නවත්වන්න මට බැහැ. ඕව ඔහොම තමයි. මට කාලයක් තිස්සේම ඕවගේ පොඩි පොඩි කටකතා හද හදා තිබුණා. ඒත් ඒ දේවල්වලින් මමවත් මගේ සැමියාවත් පවුලේ කිසිම කෙනෙක් සැළුණේ නැහැ. මේ විදිහට මට මඩගහන එක මම දකින්නේ මගේ පවුල් ජීවිතය විනාශ කරන්න අටවපු උගුලක් විදිහටයි. මේ දේ කරන පහත් මිනිස්සු මීට පෙරත් මෙවැනි වැඩ කළා. නමුත් අද වෙන කොට ඒකෙ උග්‍රතම අවස්ථාවට තමයි මේ කටකතා ඇවිත් තිබෙන්නේ.  මේ අසත්‍ය දේවල් වෙබ් අඩවිවල ප්‍රචාරය වන විට ඔබේ සැමියා මොනවගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ? සුමිත් හැමවෙලාවෙම මාව අස්වසනවා. ඔහු හැමවිටම කියන්නේ මට ඔයා විශ්වාස නම් ඔයාට මාව විශ්වාස නම් ඒ ඇති කියලා. ඒත් මං ගැන නොදන්න සාමාන්‍ය රසිකයන් මේවා බලලා මං ගැන මොන වගේ ප්‍රතිරූපයක් හදාගන්නවද? ඒක තමයි මට තියෙන කනස්සල්ල. ඒ අය එක එක විදිහට තමයි මං ගැන හිතන්නේ. මොකද මම අද ඉන්න මේ තත්ත්වයට ආවේ ඉතාම දුක් මහන්සියෙන්. ඉතාම අහිංසක විදිහට. මට කටකතා මේ ක්‍ෂේත්‍රයේ ඇත්තටම හැදිල තිබ්බේ නැහැ. හැදුණෙත් නැහැ.  මේ ලෝකෙ ගැහැනියක් අහන්න පුළුවන් දරුණුම කටකතා තමයි දැන් මම අහන්නේ. ඒ විතරක් නෙමෙයි මගේ චරිතය ඝාතනය කරලා අසත්‍ය ප්‍රචාර පළ කරපු වෙබ් අඩවි අද මගේ මහත්තය ගෙ නමත් මේවාට ඈඳගෙන තිබෙනවා. මේ නිසා ඔහුත් කලකිරීමෙන් ඉන්නේ. අපේ ජීවිත විනාශ කරන්න මොන දේ කළත් අපි සැලෙන්නේ නැහැ. මම කියන්නේ මේ දේවල් කරන මිනිස්සුන්ටත් මේ අසත්‍ය ප්‍රචාරවලටත් පැවැත්මක් නැහැ කියලයි.  අපි ඉතාම හොඳින් සාමකාමීව ජීවත්වුණා. ඒ තුළ ප්‍රශ්න ඇති නොවුණා නෙමෙයි. අපි ඒ හැම දේම හදාගෙන බොහොම සරලව අපේ ජීවිත අදටත් ගත කරනවා. ඒත් අද අපිට එල්ල කරන චෝදනා ඇත්තටම දරා ගන්න බැරි දේවල්. අද අපිට මේ දෙන ගින්දර මේ දේවල් කරන, මේ අසත්‍ය ප්‍රචාර පතුරුවන මිනිසුන්ටත් බුදු දහමට අනුව ලැබෙන බව මම දන්නවා. අනිවාර්යයෙන්ම ඔවුනුත් මේ විදිහටම විඳවාවි.  ඔබත් එක්තරා දේශපාලනඥයකුත් සම්බන්ධ කරගත් ඡායාරූපයක් එක් වෙබ් අඩවියක පළ වී තිබෙනවා නේද? ඒක අමූලික බොරුවක්. ඒ පින්තූරෙ හදපු එකක්. ඇත්තටම මේ වැඩ කරන්නේ තමන්ගේ වෙබ් අඩවි ජනප්‍රිය කරවගෙන ඒ මඟින් යැපෙන තිරිසන් මිනිස්සු.  මෙවැනි කටකතා වර්තමානයේ බොහෝ නළු නිළියන්ට හැදෙනවා. ක්‍ෂේත්‍රයේ හිතමිතුරන් මේ ගැන දක්වන්නේ මොනවගේ ආකල්පයක්ද? ක්‍ෂේත්‍රයේ හුඟ දෙනෙක් මේ ගැන දන්නවද කියල මම දන්නෙ නැහැ. නමුත් මේ ක්‍ෂේත්‍රයේ කුණු හොයන පිරිසකුත් ඉන්නවා. මට මගේ මහත්තයා මව්පියො සහෝදර, සහෝදරියො, ළඟම යෙහෙළිය ගයාත්‍රි ඇත්තටම මේ දේවල් දරාගන්න මට ශක්තිය දෙනවා. ඔවුන් නිරතුරු මා අස්වසනවා. By gossip 9 news
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.