Powered by Blogger.
Showing posts with label එෆ්.එම් දෙරණින් ලෝක වාර්තාවක් FM Derana Try to Get A world records. Show all posts
Showing posts with label එෆ්.එම් දෙරණින් ලෝක වාර්තාවක් FM Derana Try to Get A world records. Show all posts
Thursday, July 5, 2012

එෆ්.එම් දෙරණින් ලෝක වාර්තාවක් FM Derana Try to Get A world records

එච්. ආර්. ජෝතිපාල මහතා මියගොස් වසර ජුලි හත්වනදාට වසර 25ක් සැපිරීම නිමිත්තෙන් අද (ජුලි 06 වනදා) උදෑසන 07 සිට පුරා පැය 32 ක් එච්. ආර්. ජෝතිපාලගේ ගීත විකාශය කිරීම මගින් නව ලෝක වාර්තාවක් තැබීමට එෆ්. එම් දෙරණ සුදානම් වනවා.

මෙහිදී එච්. ආර්. ජෝතිපාල විසින් ගැයූ කිසිදු ගීතයක් නැවත ගායනා කිරීම සිදු නොවන අතර දවස පුරාම ඔහුගේ ගීත පමණක් විකාශය කිරීම විශේෂත්වයක් වනවා.

දෙරණ මාධ්‍යය ආයතනය පවසන්නේ ලොව කිසිදු මාධ්‍යය ආයතනයක් මෙයට පෙර එකම ගායකයාගේ ගීත පුරා පැය 32 ක් එකදිගට විකාශය කර නොමැති බවයි.

2010 වසරේද ජෝතිපාල මහතාගේ ගීත පැය 24 ක් පුරාවට විකාශය කොට වාර්තාවක් තැබූ අතර මෙවර එම වාර්තාව අලුත් කිරීම සිදුවන බව පැවසේ.

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.