Powered by Blogger.
Showing posts with label අයෝධ්‍යාට මාතරදී අතවර කල තරුණයා සමාව ගනී (Ayodya Mihiravi Fight in Matara). Show all posts
Showing posts with label අයෝධ්‍යාට මාතරදී අතවර කල තරුණයා සමාව ගනී (Ayodya Mihiravi Fight in Matara). Show all posts
Tuesday, June 19, 2012

අයෝධ්‍යාට මාතරදී අතවර කල තරුණයා සමාව ගනී (Ayodya Mihiravi Fight in Matara)

මෙයට අවුරුද්දකට පමණ පෙර එනම් 2011 වසරේ මැයි මස මාතර පොල්හේන මුහුදු තිරයේ නාමින් සිටි ටෙලි නාට්‍ය නිලි සයුරි හෙවත් අයෝධ්‍යා මිහිරාවී හට එහි පුද්ගලයෙකුගෙන් අතවරයක් සිදු වූ බව අප ලිපියකින් හෙළි කළා.

ස්වාධීන රූපවාහිනියේ පබළු ටෙලි නාට්‍යයේ සයුරිගේ චරිතයට පණ පෙවූ අයෝධ්‍යා මිහිරාවි ගාල්ලේ පිහිටි සිය ඥාතිවරියකගේ නිවසට පැමිණ ඔවුන් සමඟ කතරගම වන්දනාවේ යන අතරවාරයේ මාතර පොල්හේන මුහුදේ දිය නාමින් සිටියදී දිය යටින් පීනාගොස් පැමිණි තරුණයෙක් අයෝධ්‍යාගේ උඩුකය පපු ප්‍රදේශය ස්පර්ශ කිරීම මගින් මෙම අතවරය සිදුකොට තිබුනා.

තිහගොඩ පදිංචි තිස් එක් හැවිරිදි අරුණ තුෂාර නම් ඔහු එක් දරු පියෙකු වන එම සැකකාර තරුණයා පසුගිය වසරේ මැයි මස ඇප මත මුදාහැරුණ අතර අද (19) දිනයේදී මාතර
අධිකරණයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත්තේ මින් මතුවට එවන් දෑ සිදු නොකරන බව පවසමින්.

කෙසේ නමුත් එම සැකකාර තරුණය අධිකරණයේ සමාව අයැදුවත් අයෝධ්‍යා පසුගිය වසරේ පුවත්පත් සකාච්චාවකට අදහස් පලකොට සිටියේ එවන් සිදුවීමක් නොවූ බවයි.එම ප්‍රකාශය පහතින් බලන්න 

"ඔය අහන්නේ මගේ පවුලේ අයත් සමග කතරගම සංචාරයක යෙදුනු අවස්ථාවේ මුහුදේ නාන්න ගිහින් වුනු සිද්ධිය සම්බන්ධයෙන් නේ?එක බොරු කට කතාවක්.
ඵල තියන ගහටනේ කව්රුත් ගල් ගහන්නේ.ඒ වගේ තමයි අපි කතරගම ගිය විත්තිය ඇත්ත.නමුත් පැතිර ගිය සිද්ධිය නම් අමුලික බොරුවක්".

අතවරය සිදු වූ ස්ථානයේ සිටි සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු එම තොරතුර වාර්තා කලේ මෙසේය.


අයෝධ්‍යා ඇතුළු පිරිස එහි පැමිණ ඇත්තේ බස් රථයකිනි.අයෝධ්‍යා හුලං පිරවූ ටියුබ් එකක් මත සිටින විට දිය යටින් පැමිණි පුද්ගලයා ඇයගේ උඩුකය පෙදෙස ස්පර්ශ කොට ඇත.
ඉන් කලබලයට පත්වූ අයෝධ්‍යා ගේ කෑ ගැසීමෙන් පසුව ඇය සමග පැමිණි පිරිස අදාළ තරුණයා සොයා ඇත්තේ "මාතර ඉන්න චන්ඩි කව්ද?" යනුවෙන් අසමිනි.


මේ අතර අතවරය සිදුකල පුද්ගලයා ඒ අසල කඩයක සිට පැන දිවගොස් තිබේ.අයෝධ්‍යා ගේ පිරිස ඔහු පිටුපස හඹා ගොස් අල්ලාගෙන පහර දෙන විට මාතර පොල්හේනේ පදිංචි තරුණයන් විසින් ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ ගෙන ඇත.


ඒ අවස්ථාවේදී අයෝධ්‍යා ගේ සිටි පිරිසෙකු අයෙක් පොල්හේනේ තරුණයෙකුටද පහර දී ඇත.

ඉන් කිපුණු පොල්හේනේ පදිංචි තරුණයින් විසින් අයෝධ්‍යා ගේ පිරිසට එලව එලවා පහරදී ඇත.


අයෝධ්‍යා ඇතුළු පිරිස පැමිණි බස් රථයටත් පහර දී ඇති අතර ගැටුම නවත්වාගෙන ඇත්තේ අයෝධ්‍යා පොල්හේන් තරුණයන් ඉදිරිපිට වැඳ වැටෙමින් කල ඉල්ලීමකට අනුවය.

ඒ අනුව තෙත බරිත ඇඳුම් ද සමග අයෝධ්‍යා ඇතුළු පිරිස පොල්හෙනෙන් පිටවී ගොස් ඇත.


News by gossip9
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.