Powered by Blogger.
Showing posts with label අතුල - අමායා කැදැල්ලට පුංචි අමුත්තෙකුත් ලඟදීම (Athula Adikari and Amaya Adikari love story). Show all posts
Showing posts with label අතුල - අමායා කැදැල්ලට පුංචි අමුත්තෙකුත් ලඟදීම (Athula Adikari and Amaya Adikari love story). Show all posts
Sunday, May 13, 2012

අතුල - අමායා කැදැල්ලට පුංචි අමුත්තෙකුත් ලඟදීම (Athula Adikari and Amaya Adikari love story)


අතුල අයියයි මමයි විවාහ උනේ 2010 මුලදියි - අමායා

අතුල අධිකාරිගේ හා නිරුපන ස්ජිල්පිනියක වන අමයාගේ රහස් පෙම පිලිබද සති අන්ත පුවත්පතකට අදහස් දැක්වූ අමායා ප්‍රකාශකොට ඇත්තේ එය රහස් සම්බන්ධයක් නොව ඇයගේ ආදරය අතුල සමගින් විවාහයකින් අවසන් වූ බවය.

ඒ පිළිබඳව අමායා පවසන්නේ මෙවැනි දෙයක්.

අමායා ආදරය ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම ආදරය හරි පිවිතුරු දෙයක්. මගේ ආදරය දැන් විවාහයකින් කෙලවර වී හමාරයි.

ඒ කිව්වේ ඔයා විවාහකද?
ඔව්, මම අතුල අධිකාරිගේ බිරිඳ. අපි විවාහ වුනේ 2010 අවුරුද්දේ මුල් භාගයේදී.

ජනප්‍රිය මිනිස්සුන්ට හැදෙන කටකතා ගැන අමායා මොකද හිතන්නේ ?
අනේ. මම බොහොම කනගාටුවෙන් තමයි ඔය ගැන කතා කරන්නේ. ඒ මොකද කියලා නම් මගෙන් අහන් එපා.

ඔයා කටකතා වලට බය ද ?
අනේ නැහැ, මගෙයි අතුල අයියගෙයි සම්බන්ධයට හුගක් කටකතා හැදුනා. අපි ඒ හැමදේටම පිළිතුරක් වශයෙන් තමයි විවාහ වුනේ.

මොනවද ඔයාට රසිකයන්ට කියන්න තියෙන්නේ ?
ඔව්, මට ප්‍රේක්ෂක ජනතාවට විශේෂයෙන්ම කියන්න ඕනේ අතුලයි මමයි අතර තිබුණු ආදරය විවාහයකින් අවසන් වුනු බව.

අමායා සහ අතුල ආදරයට වසර 4ක් වන අතර අමායා පසුගිය කාලයේ තම නමට "අමායා අධිකාරි" වශයෙන් වාසගමද එක්‌ කරගෙන තිබුනා.

එසේම මේ සියලු කටකතා අතුල ගණන් නොගත් අතර ඒවාට පිළිතුරු වශයෙන් ඔවුන් 2010 අවුරුද්දේ මුල් භාගයේදී විවාහ වී තිබෙනවා. ඔවුන් එය එතරම් ප්‍රචලිත නොකෙරු හෙයින්ම මාධ්‍ය සිතුවේ ඔවුන් හැංගි හොරා ආදරය කරන බවයි.

එහෙත් සතුටින් දිවි ගෙවන ඔවුන් දෙපලගේ විවාහ දිවියේ නවතම ආරංචිය නම් ළඟදීම මේ වසර අග භාගයේදී ඔවුන්ගේ කැදැල්ලට තවත් අමුත්තෙක් පැමිණෙන බවයි.

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.