Powered by Blogger.

ලුතිනන්වරිය ගැබ් ගැනීමෙන් හෙළිවූ හමුදා නිලධාරියාගේ කාම සෙල්ලම

Thursday, August 9, 2012

කළුතර කුකුලේ ගඟේ හමුදා සෙබළියන්ගේ බිකිනි ප්‍රදර්ශනයක් තැබූ 48 හැවිරිදි හමුදා නිලධාරියා

"ආදර්ශයෙන් පෙරමුණ ගනිමු" යන්න යුධ හමුදා විනයාරක්ෂක බලකාය හෙවත් යුධ හමුදා රෙජිමේන්තු පොලිසියේ ආදර්ශ පාඨයයි. ඒ අනුව අභිමානයෙන් යුතුව යුද හමුදා පොලිසියේ නිල ඇඳුමේ ගෞරවය රකින්නට නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ සියලු දෙනාට ආදර්ශයක් වෙමිනි. ඒ තමන්ගේ ආදර්ශ පාඨයට ගරු කරමිනි.

එහෙත් කාමයට පෙරේත වූ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව යුධ හමුදා පොලිසියේ නිලධාරිනියන්ගේ හා සෙබළියන්ගේ ගෞරවය නැති භංග කර ඔවුන්ගේ ජිවිත විනාශ කර දමන්නට කල නින්දිත ක්‍රියාවක් නිසා යුධ හමුදාවම කැළඹී ගියේය. 


යුධ හමුදා පොලිසියේ කිර්ති නාමය සම්පුර්ණයෙන්ම සිඳී ගියේ මෙම සිද්ධියෙන්ය. ඒ යුධ හමුදා පොලිස් රෙජිමේන්තුවට වගකිව යුතු කර්නල්වරයෙකු ඇතුළු කිහිපදෙනෙකු නිල ඇඳුමේ බලයෙන් කරගෙන ගිය කාම සෙල්ලම කරලියට පැමිණීම නිසාය. 


මෙය කරලියට එන්නේ අදාල කර්නල්වරයා හා මේජර්වරයකු අතින් ගැබ්ගත් බව කියන දෙවන ලුතිනන්වරියකගේ සිද්ධිය නිසාය. මිට ඉහතදීත් මෙවැනි ස්ත්‍රී දුෂණ හමුදාව තුලම කල නිලධාරීන් නොසිටියේද නොවේ. 


වරෙක මඩකලපුවේ කඳවුරක කර්නල්වරයෙකු තම හමුදා රියදුරුව කඳවුරේ සිරමැදිරියේ දමා ඔහුගේ බිරිදගෙන් ලිංගික අල්ලස් ගෙන අසුවිය. දෙවන ලුතිනන්වරියකටද හදිකල එම කර්නල්වරයට අවසානයේ හමුදා සේවය අතහැර යන්නට සිදුවුයේ කමාතුරයකු ලෙසිනි. මෙවැනි කමාතුරයකුගේ තත්වයට පත් කර්නල්වරයා අසුවන්නේ විනය රකින යුද හමුදා පොලිසියටමය. 

මොහු එම බලකායේ වගකිවයුතු නිලයක් රකින්නකු ලෙසත් දී තිබුනේ නියම ආදර්ශයකි. රාත්‍රිය වන තුරු පොල්හේන්ගොඩ කඳවුරේම ලගිමින් බීමතින් රඟන මොහු නිසා අසරණ තත්ත්වයට පත් බොහෝ දෙනෙකු ගැන දැන් හෙලිවන්නේය. 

විවිධ වැරදි වලට යුද හමුදා පොලිසියේ පරීක්ෂණවලට ලක්ව සිටින තම සැමියන් වෙනුවෙන් ශරීරය උකස් කරන්නට සිදුවූ ඇතැම් බිරින්දෑවරු ගැනද මේ හරහා තොරතුරු හෙලිවන්නේය. 

ඇතැම් නිලධාරීන් අසුවී ඇත්තේ වන්නියේ සිට යකඩ පැටවීමේ චෝදනාවන්, හමුදාවෙන් පෙට්‍රල් බෑම, හමුදා සේවයේ සිටියදී පැනයාම වැනි චෝදනවලටය. එම චෝදනාවලින් තම සැමියන් බේරා ගන්නට මෙම කාමාතුරයන් වෙත සිරුරු පුදන්නට තරම් අවාසනාවන්ත තත්ත්වයක් තිබු බව හෙළිවී ඇත්තේය. 


රණවිරුවන් හිස මුදුනින් පිලිගන්නා මොහොතක මෙවන් අය නිසා හමුදාවට වන කැලල මකා දැමිය නොහැකිය. 


තම සැමියන්ගේ රස්සාව රැකගැනීම වෙනුවෙන් රතු පොලිසියේ නිල ඇඳුමට බිය වී තම සිරුර උකස් කල කාන්තාවන් අතර පාසල් ගුරුවරියක්ද සිටීම කණගාටුවට කරුණකි. මේ සියලු කරන සැඟව තිබුනත් කරලියට පැමිණෙන්නේ යුද හමුදා පොලිසියේම දෙවන ලුතිනන්වරිය ගැබ් ගැනීමත් සමගය. ඇය යුද හමුදා පොලිසියේ එකසිය පනහකට පමණ අණදෙන නිලධාරිනියක්ද වුවාය.


මෙම නිලධාරිනිය අපයෝජනයට ලක්කළා යයි කියන සිද්ධියෙන් පසුව ඇයව ගැබ්ගෙන ඇත. ඇය සමග එක් වී පසුව උපත් පාලන පෙති ලබා දුන්නද දෛවයේ සරදමක් මෙන් ස්වභාව ධර්මයාගේ දඬුවමක් නිසා එම ගැබ විනාශ වුයේ නැත. 


ඊට හේතු වුයේ මෙම දරු ගැබ ගර්භාෂයෙන් පිටත පැලෝපිය නාලයක පිළිසිඳ ගැනීමය. මේ නිසා කිසිඳු පරික්ෂාවකට අසු නොවුණු මෙම දරු ගැබ ගැන හෙලිවුයේ මාස කිහිපයකට පසුවය. එහිදී එය ගබ්සා කිරීමට යාමෙන් සියල්ල වරදිනි. නාරාහේන්පිට පෞද්ගලික රෝහලක සිටි ඇය අධික රුධිර වහනය නවතා ගත නොහැකිව යුද හමුදා රෝහලට ඇතුලත් කරන ලදී. 

සියලු දේ එතැන් සිට කණපිට පෙරළුණි. නිල ඇඳුමේ බලයෙන් මෙතෙක් වසාගෙන සිටි කමාතුරයාගේ හෙළුව එලියට එන්නේ එතැන් පටන්ය. 


ජුලි 13 වැනි සිකුරාදා පැලෝපිය නාලයේ සිදුවූ දරු උපතක් නිසා රෝහල් ගතකල දෙවැනි ලුතිනන්වරියගේ රහස් එළිවිය. එය හමුදාවේ කාගේත් කනට වැටුණු රහසක් ලෙස තබා ගැනීමට නොහැකි විය. 


යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතාට මේ බව වාර්තාවීමෙන් පසු වහාම පරීක්ෂණයක් කරන්නැයි යුද හමුදා පරීක්ෂණ මණ්ඩලයක් පත් කෙරිණි. වැටුප් හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ලාල් පද්මකුමාරගේ ප්‍රධානත්වයෙන් හමුද පරීක්ෂණ මණ්ඩලය පත් කෙරිණි. 


චෝදනාවට ලක් වූ යුද හමුදා පොලිසියේ කර්නල්වරයා වහාම මුලතිවු කඳවුරට මාරු කරන ලදී. ඒ ජුලි 16 වනදා සිටය.


තම හදිසි මාරුව ඉහල තනතුරක් ලෙස කරගන්නට යුද ලේකම් කාර්යාලයට කතා කල කර්නල්වරයට යුද ලේකම්වරයාගෙන් ඊට ඉඩක් නොලැබුනේය. 


මුලතිවු බලා යාමට පෙරද පොල්හේන්ගොඩ කඳවුරේ පාටියක් දමන්නට කර්නල්වරයා කටයුතු කළේය. කර්නල්වරයා පාටියේම සිටිමින් මේවට අකමැති වූ නිලධාරීහු ද සෙබළු ද එතැන් සිටම මාධ්‍ය වෙත ද මෙම තොරතුරු ලබා දුන්හ.


ඒ තමන්ගේ නිලධාරින්ගේම බිරින්දවරුන්ගෙන් ලිංගික අල්ලස් ගැනීමට කටයුතු කල මෙම අධම ක්‍රියාවන් ඔවුන් පවා අනුමත නොකළ නිසාය. 

යුද හමුදාවේ විනය රකින්නට ගොස් ඉහල නිලධාරියෙකුට කල මෙම සිද්ධියත් සමග යුද හමුදාපතිවරයාට පෙත්සම් ගලාගෙන එන්නටද විය. උද්ගත වූ තත්ත්වය නිසා යුද හමුදා පොලිසිය පරීක්ෂණ භාරදීමට නොහැකි නිසා මෙම පරීක්ෂණ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය වෙත භාර දුන්නේය. 


යුද හමුදා බුද්ධි අංශය හා යුද හමුදාපති පත් කල පරීක්ෂණය මණ්ඩලය මඟින් ඇරඹු පරීක්ෂණවලට අනුව හමුදා පොලිසියේ කිහිපදෙනෙකු කල සියලු දේ හෙළිවිය. ගැබ්ගත් දෙවන ලුතිනන්වරිය භාවිතා කල පරිඝනකය පරික්ෂා කිරීමේදී බුද්ධි අංශ වෙත යුද හමුදා සෙබළියන් බිකිනි ප්‍රදර්ශනයක්ද හසුකරගත හැකිවිය. 

මෙම දුෂිත නිලධාරීන් විසින් එම ඒකකයට අලුතින් ආරම්භ කල නර්තන කණ්ඩායමේ කාන්තා සෙබළියන් කළුතර කුකුලේගඟ දිය ඇල්ලක් අසලට රැගෙන ගොස් ඇත්තේ මෙහි කතා නායිකාව වන දෙවන ලුතිනන්වරිය ද සමගය. 

එම දිය ඇල්ල අසලදී තම ඇස් පිනවන්නට මෙම සෙබළියන්ට බිකිනිවලින් සරසා මෝස්‌තර නිරූපණ රංගනයක් සේ බිකිනි තරඟයක් පවත්වා ඇත. මෙහි ගන්නාලද ඡායාරුප දෙවැනි ලුතිනන් වරියගේ පරිඝනකයේ තිබී හසුවීමෙන් විනය රකින්නන්ගේ විනය රැකීමට ක්‍රියාකළ අයුරු පෙනී ගියේය. 


මේ නිසාම අදාල නිලධාරියට "බිකිනි ඉබ්බා" ,"බිකිනි රාජයා" යන අන්වර්ථ නමද මේ වන විට පටබැඳි ඇතැයි කියති. 


මේ සම්බන්ධව යුද හමුදා පොලිසිය ඇරඹු පරීක්ෂණවලින් පසුව අදාල නිලධාරියා විසින් රාත්‍රී කාලයට බිමත්ව යුද හමුදා නිලධාරිනියන්ගේ හා සෙබළියන්ගේ දුරකථන මඟින් ලිංගික පහස විඳගන්නට ගත උත්සාහයක්ද හෙළිවන්නට විය. 


මේ බව හෙලිවුයේ යුද හමුදාවේ මුලස්ථානයේ සිටින ඉහල තනතුරක් හොබවන මේජර් ජෙනරාල්වරයකුගේ ඥාති දියණියකට දුරකථන ඇමතුම් දී කාමුක පහස ලබන්නට ගත් උත්සාහයකදිය. කිලිනොච්චියේ සේවය කල දෙවන ලුතිනන්වරියකි. 


ඇය ඇතුළු යුද හමුදා පොලිසියේ ලාන්ස් කොප්‍රල්වරියන් ඇතුළු සිව් දෙනෙකුගෙන් මේ සම්බන්ධව ලබාගත් ප්‍රකාශ වලින් මෙම තොරතුරු අනාවරණය වෙමින් පවතී. වයස අවුරුදු 48 පසුවන මෙම චෝදනා ලද කර්නල්වරයා තම ආශාවන් ඉටුකරගන්නට ගියේ තම දරුවන් මෙන් වූ වයස අවුරුදු විස්සේ පමණ වන නිලධාරිනියන් හා සෙබළියන්ගෙන්ය. 


දුෂිත නිලධාරියා විසින් කිලිනොච්චියේ යකඩ පැටව අසුවූ නිලධාරියකුගේ බිරිදක් වූ එම බළකායේම සෙබළියක තම වුවමනාවන් ඉටු කරගන්නට යොදා ගත්තද ලිංගික අල්ලසක් ලෙස බව ආරංචි මාර්ග කියයි. 


එමෙන්ම වැටුප් හා විශ්‍රාම පදනම මට යුද හමුදා පොලිසියට ගත් නිලධාරීන්ගේ පහස නිවන්නට උපන් අයද යුද හමුදා පොලිසියේ සිටින බවද මෙම පරීක්ෂණ මඟින් හෙළි වෙමින් තිබේ. 


මෙම කර්නල්වරයාගේ පහස නිවන්නට සිටි සාජන් මේජර්වරියන් දෙදෙනෙකු විසින් දැනට රෝහල් ගතකර සිටින දෙවන ලුතිනන්වරියට කර්නල්වරයා මෙම සිද්ධියට ගාවන්න එපා යැයි කියමින් මෙම සිද්ධියේදී චෝදනාවට ලක්වූ මේජර්වරයකු පිටින් යැවීමට බලපෑම් කල බවද අනාවරණය වන්නේය. 

රෝහල්ගතව සිටින දෙවන ලුතිනන්වරියව තම නිල ඇඳුමේ බලය පාවිච්චි කර අදාල කර්නල්වරයාගේ වුවමනාවන් වෙනුවෙන් යොදවන්නට එහි මේජර්වරයකු ද කටයුතු කර තිබුනේය. එම මෙජර්වරයද කර්නල්වරයා සමග එකට කබි යුද හමුදා පොලිසියේ සෙබළියන් බිල්ලට ගත් අයෙකි. 


56 වන ස්නාන්කයේ සිටියදී මිට වසර ගණනකට පෙරදී මෙම මේජර්වරයා කාන්තා නිලධාරිනියක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යද්දී හසු විය. ඉන්පසු කල පරීක්ෂණයකදී මොහු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ නිලධාරීන් සියයකගෙන් පහලට දැමුවේය. මේ අයුරින් දඬුවම් විඳින ලද මෙම නිලධාරියා නාරාහේන්පිට පොල්හේන්ගොඩ කඳවුරේ කාර්යභාරයක් නොමැති නිලධාරියකු සේ රඳවා ගත්තේය. 


ඔහුට දී තිබුනේ කඳවුරේ අලංකාරය සඳහා මල් වැවීම පරික්ෂවය. අදාල කර්නල්වරයාගේ වහනය පවා උපයෝගී කරගනිමින් කර්නල්වරයා සමග එක්වී විෂමාචාර වැඩවල නිරත වී සිටියේය.

ඒ නිසාම මෙම හමුදා පරීක්ෂණයේදී කර්නල්වරයා බේරීම වෙනුවෙන් තම ලුතිනන්වරිය සමග පම සම්බන්ධතාවයක් පැවැත් වූ බව හෙළි කර වරද පිළිගත්තේය. ලුතිනන්වරිය ද බියට පත්ව එය ඒ අයුරෙන්ම ප්‍රකාශ කළාය. 

දෙදෙනෙකු එකතු වී කල විෂමාචාර ක්‍රියාවලින් පසුව පහල තැනින් ජලය බැස යන්නා සේ මේජර්වරයාගේ කරමතින් සියල්ල ගියේය. පසුගිය සතියේ සිකුරාදා යුද හමුදාපතිවරයා වෙත ලද පරීක්ෂණ වාර්තාවට අනුව මේජර්වරයා හා දෙවන ලුතිනන්වරිය හමුදා සේවයෙන් නෙරප හරින්නට යුද හමුදාපතිවරයා නියෝග කළේය. 


අදාල චෝදනා ලද කර්නල්වරයාට මින් ඉදිරියට උසස්වීම් ලබා නොදීමටත් රෙජිමේන්තුවේ කිසිදු තනතුරක් නොදීමටත් යුද හමුදාපතිවරයා නියෝග කරන ලදී. 


මේ අනුව කර්නල් ධුරයේ සිටිය හැකි උපරිම සේවා කාලය අවසන් කර මෙම කර්නල්වරයා ලබන මාර්තුවේදී විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වනතෙක් මොහු හමුදාවේ රැඳී සිටීමෙන් යුද හමුදා පොලිසියේ කිසිඳු නිලධාරියකු ගැන විශ්වාසයක් ඇති නොවන්නේය. ඒ මෙවන් නිලධාරියකු නිසා තවත් කාන්තා සෙබළියන් අතවරයට ලක්විය හැකි නිසාය. 


යුද හමුදාපතිවරයා කෙටි කාලයක් තුල ගත් තීන්දු තීරණවලට හමුදාවේ බහුතරයක ප්‍රශංසාව හිමි විය. නමුත් අදාල කර්නල්වරයා තවමත් කර්නල් නිලයට සරිලන වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින්නේය. ඔහු තම මාණ්ඩලික රථයට අමතරව රෙජිමේන්තු මධස්ථාන නිලය වෙනුවෙන් ලද මෝටර් රථයද නීති විරෝධී ලෙස මුලතිවුවලට රැගෙන ගොස් ඇත. 


මෙය යුද හමුදා පනත උල්ලංඝනය කිරීමකි. යුද හමුදා පොලිසියේ කිර්තිනාමය බිඳ දමන්නට කටයුතු කල අපකීර්තිමත් ලෙස හැසිරුණු මෙම දුෂිතයන්ට යුද හමුදා පනත අනුව දඬුවම් කල යුතුය. 


දැනට කරන ලද පරික්ෂනවලදිත් බලපෑම් එල්ල වන නිසා මොවුන්ට ලිංගික අල්ලස් දීමට සිදුවී ඇත්තියන්ට එළිපිට ප්‍රකාශ දීමට බියෙන් සිටින බවද දැන ගන්නට ඇත. 


මේ අයුරින් සිටින දුෂිත නිලධාරීන් රෙජිමන්තුවෙන් නෙරපා හැර නොකැළැල් චරිතවලට හිමිකම් කියන දක්ෂ නිලධාරීන් අනික් රෙජිමේන්තුවලින් බඳවා ගෙන සේවය ලබාගත හැකිය.


වෘත්තිමය හමුදාවක් සිටින ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල ද යුද හමුදාවේ විනය රකින්නට එක් එක් රෙජිමේන්තුවලින් දක්ෂ නිලධාරීන් තෝරාගෙන වසර දෙකක පුහුණුව ලබාදී ඇත. ඔවුන් අතිරේක රෙජිමේන්තු සේවාවන්වලට රෙජිමේන්තුව වෙත අනුයුක්ත කර ඵලදායි සේවාවක් ලබන්නේ නම් යළි මෙහි විනය ගොඩනැගිය හැකිය. 

-සුසිත් රාජකරුණා
Share this article on :

1 comments:

bmjk said...

මේවා ඇත්තනම් ccmp පුරාජේරුව පෙන්නන්න ඕකුන්ට දඬුවම් දෙන්න වෙය් ප්‍රසිද්ධියේම

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.