Powered by Blogger.

දැරියක දූෂණය කල නාකියාට අත්හිට වූ සිරදඬුවම් (Rape Case)

Wednesday, July 4, 2012

වයස අවුරුදු දහසයට අඩු ගැහැනු ළමයකු දූෂණය කිරීමේ චෝදනාවකට වරද පිළිගත් අසූ වියෑති පුද්ගලයකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්‌ නියම කළ අනුරාධපුර මහාධිකරණය එම සිරදඬුවම වසර හතකට අත්හිටුවනු ලැබීය.

එකී දඬුවමට අමතරව මුදලින් රුපියල් පහළොස්‌ දහසක දඩයක්‌ද නියම කළ අධිකරණය එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස තුනක ලිහිල් සිරදඬුවමක්‌ද නියම කළේය.

මේ අතර අගතියට පත් පැමිණිලි පාර්ශ්වයට රුපියල් පනස්‌ දහසක වන්දියක්‌ ගෙවන ලෙසටද අධිකරණය නියෝග කළේය. විත්තිකරු එකී වන්දි මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් මාස හයක තවත් ලිහිල් සිරදඬුවමක්‌ නියම කරනු ලැබිණි.

අදාළ නඩුව ඉකුත් 29 දා යළි කැඳවූ අවස්‌ථාවේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා එකී නියෝගය නිකුත් කළේය.

වර්ෂ 2006 ජනවාරි මස 01 වැනිදා සිට එම වර්ෂයේම අගෝස්‌තු මස 01 වැනිදා අතර කාලයේදී පදවිය, ශ්‍රීපුර, කාවන්තිස්‌සපුර ප්‍රදේශයේදී එවකට හැත්තෑ හතර හැවිරිදි වියෙහිදී ගැහැනු ළමයා දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනාව වේ.

මෙම නඩුවේ මූලික සාක්‍ෂි විභාගය කැබිතිගොල්ලෑව මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය අනුරාධපුර මහාධිකරණයේදී සිදුකෙරිණි.by sri lanka mirror
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.