Powered by Blogger.

අපරාධවලට අනුබල දුන් නාහිමි අත්අඩංගුවට(Migettuwatte Sumitta Thera Arrested by CID)

Sunday, July 8, 2012

බෙන්තොට හා අළුත්ගම ප්‍රදේශවල අපරාධ රැසක් සිදුකල අපරාධකරුවන්ට නවාතැන් ලබා දුන් සහ අදාල අපරාධයන් සඳහා අනුබල දීම සිදු කල ප්‍රධාන හිමිනමක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉඳුරුව,  බණ්ඩාරිගොඩ ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන  මිගෙට්ටුවත්තේ සුමිත්ත නමැති සැකකාර හිමිනම මෙසේ අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

වාර්තාවන පරිදි,  සැකකාර හිමියන්, සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ගාල්ල දිස්ත‍්‍රික් ප‍්‍රධාන සංඝනායක ධුරය ද හොඹවනු ලබයි

එසේම බෙන්තොට දී සිදුකල ලක්ෂ 23 ක රත්රන් කොල්ලය සහ අළුත්ගම කෝටි 04 ස්වර්ණාභරණ හා මැණික් කොල්ලය ඇතුලු අපරාධ රැසක සැකකරුවන්ට, අදාල හිමි නම විසින් සහාය ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි.

සැකකාර හිමිනම අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.