
පසුගිය ඉරිදා දිනයේ පුවත්පත්වල පල වී තිබුනු දැන්වීමකින් කියැවුනේ ටෙලි නාට්‍යකට හා චිත‍්‍රපටයකට දුර පළාත්වලින් 20-25 වයස්වල නිළියන් අවශ්‍ය බවයි.
එහි සඳහන් දුරකතන අංකවලට ඇමතූ විට ‘අපි තමයි සිහින පියාපත් කරන්නෙ. ඒකෙ දෙවන කොටසට තමයි හොයන්නෙ’ යනුවෙන් පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ‘සිහින පියාපත්’ ටටලි නාට්‍යයේ අධක්‍ෂ සඳුන් රාජකරුනා මහතා පවසන්නේ මෙම ටෙලි නාට්‍යයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමක් හෝ සිහින පියාපත් නම භාවිතා කරමින් මෙවැනි කටයුතු කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත්ය.
එහි නිර්මාණ අයිතිය තමන්ටත්, නිෂ්පාදන අයිතිය උපුල් ජයසිංහ මහතාටත්, විකාශණ අයාතිය ස්වාධීන රූපවාහිනියටත් හිමි බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
0 comments:
Post a Comment